Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රනිල්ට නොදුන් අවසන් පාස්කු වාර්තාව

  2019 වසරේ අප්‍රේල් මස 21 වනදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපතක් මේ දක්වා එක්සත...

 


2019 වසරේ අප්‍රේල් මස 21 වනදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපතක් මේ දක්වා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී නැතැයි නෙත් නිවුස් කල සොයා බැලීමකදී හෙලි වුණා. 


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට විවිධ පාර්ශව චෝදනා එල්ල කලා. අදාළ වාර්තාවේ පිටපත් මල්වතු , අස්ගිරි මහ නායක හිමිවරුන්ට හා කාදිනල් හිමියන්ට ලබා දුන්නේ ද ඊයේ පස්වරුවේයි.


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපතක් ඉකුත් දා පාර්ලිමේන්තුවේදී සභාගත කෙරුණා. 


කෙසේවෙතත් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එහි පිටපත් දෙක බැගින් රැගෙන ගොස් ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 


පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම නිකුත් කළ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාවේ පිටපතක් නීතිපති දප්පුල ද ලිවේරා වෙත ද ඉකුත් දා භාර දුන්නා. 


මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ අඩංගු නිර්දේශ අධ්‍යයනය කිරීමට පත් කළ කැබිනට් අනු කමිටුවේ වාර්තාව මාර්තු මස 15 වනදාට පෙර ලබාදෙන බවයි එම කමිටුවේ සාමාජිකයින් මීට පෙර ප්‍රකාශ කලේ.


කෙසේවෙතත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව පවසමින් කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කිරීමටයි කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා මේවනවිටත් තීරණය කර ඇත්තේ. 


ඒ අනුව ලබන ඉරුදින දිවයින පුරා එම කළු ඉරිදාව ප්‍රකාශයට පත් කරනු ඇති. 


ඒ, පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත් සියලුදෙනා වෙනුවෙන් යුක්තිය ඉටුනොවීමට විරෝධය දැක්වීමක් ලෙයසි. ඒ අනුව කළු ඉරිදා දිනයේදී කතෝලික ජනතාව කළු ඇඳුමෙන් සැරසී දිව්‍ය පූජාවට සහභාගී වනු ඇති.


මේ අතර බොදුබල සේනා සංවිධානය ඊයේ පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මහජන මුදල් කාබාසිනියා කිරීමක් පමණක් බවයි.

No comments

Ads Place