Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ජනතාව ඉල්ලුවේ ආරක්‍ෂාවයි.. අද ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා..

  “කළු ඉරිදා” දිනය නම් කළේ දේශපාලන කාර්යයක් වෙනුවෙන් නොව පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අහිංසක ජනතාවට සාධාරණය ලබා ගැනීමට කළ සාමකාමී විරෝධත...


 “කළු ඉරිදා” දිනය නම් කළේ දේශපාලන කාර්යයක් වෙනුවෙන් නොව පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අහිංසක ජනතාවට සාධාරණය ලබා ගැනීමට කළ සාමකාමී විරෝධතාවක් බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළකර සිටියේ ගම්පොල දොරගල මාර්ග සංවර්ධන ව්‍යාපෘතියකට සහභාගී වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා,

අප්‍රේල් 21 ප්‍රහාරය වුනේ යහ පාලන ආණ්ඩුව කාලේ. යහපාලනයේ ප්‍රධාන පක්ෂයේ නියෝජ්‍ය නායකයා තමා සජිත් ප්‍රේමදාස මහතා. අද ඔය විපක්ෂයේ කෑ ගහන අය එදා ජාතික ආරක්ෂාව ගැන සැලකිලිමත් නොවුන නිසා පාස්කු ප්‍රහාරය එල්ල වුනා. ඊට පස්සේ මොකද වුනේ මාධ්‍ය සාකච්ජා තියලා හිනාවුනා. ඒ අයට පාස්කු කොම්ෂම් වාර්තාව පිළිබඳව කතා කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවද?. පාස්කු කොමිසම දැම්මේ ගෝඨාභය රාජපක්ෂ මහතා නෙමේ. ප්‍රහාරය වුනෙත් එතුමගේ කාලය නෙමේ. පාස්කු ප්‍රහාරය වුනාට පස්සේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ ජාතික ආරක්ෂාව තහවුරු කරලා දෙන්න කියලා. අද ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. අද ජනතාවට බියක් සැකක් නැතිව ඕනෙම තැනක යන්න පුලුවන්.

අද කතෝලික ජනතාව සාමකාමී විරෝධයක් දක්වමින් කළු ඇදගෙන පල්ලියට යනවා. ඒකෙන් අපි අදහස් කරන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියන එක. අපි අමාත්‍යවරුන් විදියට ජනාධිපතිතුමාට කියලා තියෙනවා මේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන අයට නීතීමය ක්‍රියාමාර්ග ගන්න කියලා. ජනාධිපතිතුමා ඒ වගකීම අරන් තියෙනවා. අපි කිසිදු පාර්ශවයක් ආරක්ෂා කරන්නෙ නැහැ. කිසිදු පාර්ශවයක් සමග ඩීල් නැහැ.

පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කතෝලික ජනතාව චෝදනා කරන දේශපාලඥයෝ සියලු දෙනා ඉන්නෙ විපක්ෂනායකතුමත් එක්ක. වමට හැරුනත්, දකුනට හැරුනත්, පිටිපස්සට හැරුනත් ඒ චෝදනා ලබපු අය ඉන්නේ එතුමා එක්ක. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ සදහා වරදකරුවන්ට ඉක්මනින් දඩුවම් දෙන්න කටයුතු කරන්න අදාළ අංශ වලට උපදෙස් දෙන්න කියලා.

මාවනැල්ල හා වනාතවිල්ලුව සිද්ධීන්හීදී ඒවා යටගහන්න උතසහ කළ පිරිස් ඉන්නේ අද විපක්ෂනායකතුමා එක්ක. ප්‍රහාරය එල්ල වෙන්න යනවා කියලා තිස් නව වතාවක් කියලා තියෙනකොට බේර ගන්න උත්සහ නොකරපු අය පාස්කු කොම්ෂම් එක ගැන කතා කරනවා. සමහර කාරනා නිසා පාස්කු කොමිෂම් වාර්තාව ගැන අපි සතුටට පත්වෙන්නේ නැහැ. ඔය සිංහල බෞද්ධ සංවිධාන ගැන කතා කරනවට කැමති නැහැ. මොකද මේ ප්‍රහාරය එල්ල කලේ අන්තවාදී ත්‍රස්තවාදීන්.

අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා කවුරුවත් ආරක්ෂා කරන්නෙ නැහැ මෙයට සම්බන්ධ පාර්ශවයන්ට දඩුවම් ලබාදීමට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඒ ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

No comments

Ads Place