Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් නිසා වඳ වෙනවාද..

  කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාගත් මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනප...

 


කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාගත් මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය.

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පෙන්වා දෙන්නේ එන්නත ලබා ගැනීමෙන් පසු වඳ භාවය ඇතිවෙන බවට අසත්‍ය මතයක් සමාජ ජාල මාධ්‍ය හරහා සමාජගත කර ඇති බවය.

“මේ එන්නත්වලට ලංකාවේ ජනතාවගේ ප්‍රතික්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් අපි පරීක්ෂණ කරගෙන යනවා. ඒ කියන්නේ ප්‍රතිදේහ කොහොමද හැදෙන්නේ කියලා. සෞඛ්‍ය සේවකයින් 2,000කගේ විතර රුධිරය අරගෙන ඒ ගැන පරීක්ෂණ කරගෙන යනවා. ඔවුන්ට එන්නත ලබාදීලා දැන් මාසයක් ගිහින් තියෙන්නේ. දැනට හොඳ ප්‍රතිඵල තියෙනවා කියලා තමයි අපිට කියන්න පුළුවන්. නමුත් එන්නත්කරණය ගැන සමාජ ජාල මාධ්‍යවල ඉතාමත්ම වැරදි මත පැතිරෙනවා. එකක් තමයි වඳ භාවය ඇති වෙනවා කියලා. ඒ වගේ කතාවක් කොහෙන් ආවද කියලා හිතාගන්නත් බෑ. ඒකෙ කිසිම සත්‍යතාවයක් නෑ,” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත 07 දිනයේදී මෙරට පුද්ගලයින් 5,284 දෙනෙකුට එන්නත් කර තිබුණි.

කොවැස්ක් පහසුකම යටතේ ඊයේ මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් 264,000 අද සිට කොවිඩ් ව්‍යාප්තියේ වැඩි අවදානමක් පවතින ප්‍රදේශවල වෙසෙන වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි ජනතාව වෙත ලබාදීම සිදු කෙරේ.

ඒ අනුව අද නාරාහේන්පිට කිරුල පාර, බටහිර බෙහෙත් ශාලාවේදීත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හා ආබාධිත පුද්ගලයින්ට එන්නත්කරණය සිදුකෙරුණි.

ඒ අනුව මේ වනවිට එන්නත ලබාදී ඇති මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 729,562 කි.

No comments

Ads Place