Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සමාගම් තුනක් ගෙන් වූ පොල්තෙල්වල පිළිකා කාරක අඩංගු බවට සනාථ වෙයි - ප්‍රතිඅපනයනය කරන්නැයි රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් උපදෙස්.

  මෙරටට ආනයනය කළ ඇෆ්ලටොක්සින් නම් පිළිකා කාරකය අඩංගු පොල්තෙල් තොගය වහාම යළි ප්‍රතිඅපනයනය කරන ලෙසට අදාළ සමාගම්වලට දැන්වූ බව රේගු අධ්‍යක්‍ෂ ජන...

 



මෙරටට ආනයනය කළ ඇෆ්ලටොක්සින් නම් පිළිකා කාරකය අඩංගු පොල්තෙල් තොගය වහාම යළි ප්‍රතිඅපනයනය කරන ලෙසට අදාළ සමාගම්වලට දැන්වූ බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය පවසනවා. එලෙස මෙරටට ගෙන් වූ පොල්තෙල්වල සාම්පල පරීක්‍ෂා කිරීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදුකළා. එහි දෙවන සාම්පල් පරීක්‍ෂාවෙන්ද තහවුරු වී ඇත්තේ අදාළ පිළිකා කාරකය එම පොල්තෙල්වල අඩංගු බවයි.


ඊට අදාළ අවසන් වාර්තාව අද පෙරවරුවේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත භාරදෙනු ලැබුවා. ඒ පිළිබද කරුණු දැක්වීම සදහා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය සදහන් කළේ එම පොල්තෙල් තොගය ප්‍රතිඅපනයන කරන ලෙසට අදාළ සමාගම් වෙත දැන් වූ බවයි.

nethnews

No comments

Ads Place