Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුතුරාජවෙල අභය භූමිය රැක ගන්න ඒකාබද්ධ කමිටුවක්

 මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට තීරණය වී තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය තිස්ස විතාරණගේ ප්‍ර...


 මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට තීරණය වී තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය තිස්ස විතාරණගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ රජයේ ගිණුම් කාරක සභාවේදීයි. වගකිවයුතු සියලු පාර්ශවයන්ගෙන් සැදුම්ලත් එම කමිටුව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ මූලිකත්වයෙන් ඉදිරියේදී රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.  


මුතුරාජවෙල අභය භූමියක් ලෙස ගැසට් කර තිබුණද එම අභය භූමියේ මායිම් ලකුණු කිරීමක් මේ දක්වා සිදුවී නොමැති බවයි අනාවරණ වී ඇත්තේ. 


මුතුරාජවෙල පරිසර පද්ධතියට අයත් සමස්ත ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 6,000 ඉක්ම වනවා.  මුතුරාජවෙල පරිසර කලාපයට අයත් ඉඩම් අනවසරයෙන් ගොඩකිරීම පිළිබද පැමිණිලි රැසක් අදාළ ආයතන වෙත ලැබී ඇති බවයි අනාවරණ වී ඇත්තේ. එම පැමිණිලිවලට අදාළ විධිමත් ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධව රජයේ ගිණුම් කාරක සභාවේ අවධානයට ලක් වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ. 


මේ අතර මුතුරාජ අභය භූමියේ සිදුවන පරිසර විනාශයන් පිළිබද නෙත් නිවුස් හා බැලුම්ගල අවස්ථා කිහිපයකදී රට හමුවේ අනාවරණ කළා.

No comments

Ads Place