Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කිලිනොච්චියේ මවක් දරුවන් තිදෙනා සමග ළිඳට පනියි…

  කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ මවක් 03 සවස සිය දරුවන් තිදෙනා සමග ළිඳට පැනීමෙන් පසුව මව බේරාගෙන ඇති අතර දරුවන් තිදෙනා මිය ගොස් ඇතයි සැකකෙර...


 කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ මවක් 03 සවස සිය දරුවන් තිදෙනා සමග ළිඳට පැනීමෙන් පසුව මව බේරාගෙන ඇති අතර දරුවන් තිදෙනා මිය ගොස් ඇතයි සැකකෙරෙන බවටත් එක් දරුවෙකුගේ සිරුරක් ගොඩගත් බවට කිලිනොච්චිය ධර් ම පුරම් පොලීසිය පවසයි.

කිලිනොච්චිය ඉරණමඩු පිල්ලයාර් කෝවිල අසල පිහිටි ළිඳකට අදාල මව දරුවන් තිදෙනා සමග පැන ඇති අතර ළිඳට පැනීමෙන් පසුව මව බේරාගන්නා ලෙසට කෑගැසීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් මව පමණක් බෙරාගෙන ඇති අතර දරුවන් තිදෙනා දියේ ගිලී ඇති බවට ප්‍රදේශවාසීණ් පැවසූහ.

එහිදී ලිඳතුල දියේ ගිලී අතුරුදහන්ව සිටි එක් දරුවෙකුගේ මළ සිරුරක් පමණක් මේ වන විට සොයාගෙන ඇති අතර අනෙක් දරුවන් දෙදෙනාගේ සිරුරු සෙවීම පොලීසිය හා ප්‍රදේශවාසීන් විසින් සිදුකරයි.

අදාල කාන්තාව සිය සැමිය සමග වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ කෝපයක් හේතුවෙන් සිය දරුවන් තිදෙනා රැගෙන අසල කෝවිලේ තිබූ ළිඳට පැන ඇති බවට ප්‍රදේශවාසීණ් විසින් පොලීසියට පවසා ඇත.

මෙලෙස ළිඳට පැන ඇති දරුවන් අවුරුදු 02 ,05 සහ 08 යන වයස්හි පසුවන බවටද අනාවරනය වී ඇත.

ළිඳට පැනීමෙන් පසු බේරාගත් මව බරපතල තත්වයෙන් මේ වන විට කිලිනොච්චිය රෝහලට ඇතුලත් කොට පුතිකාර ලබන බවටද පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය ධර් ම පුරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

No comments

Ads Place