Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පිළිකා කාරක තිබේදැයි සොයන්න බෝතල් කළ පොල්තෙලුත් විශේෂ පරීක්ෂාවකට

මෙරටට ආනයනය කර ඇති පොල්තෙල් සාම්පල පරීක්ෂා කිරීමේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව බෝතල් කරන ලද ඇසුරුම් කළ පොල්තෙල් ...


මෙරටට ආනයනය කර ඇති පොල්තෙල් සාම්පල පරීක්ෂා කිරීමේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව බෝතල් කරන ලද ඇසුරුම් කළ පොල්තෙල් ද විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමටයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර ඇත්තේ. 


මෙරටට ආනයනය කළ පොල්තෙල් බහාලුම් 13ක ඇෆ්ලටොක්සින් නම් පිලිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය ඉකුත්දා තහවුරු කළා. එහි අඩංගු පිරිපහදු නොකළ පොල්තෙල් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් එක් ලක්ෂ 83,000ක්. මෙම විස පොල්තෙල් මේවනවිටත් වෙළදපොලට නිකුත් වී ඇති බවට පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින් පවසනවා.


ඒ අනුව පොල්තෙල් සාම්පල පරීක්ෂා කිරීමටයි පාරිභෝගික අධිකාරිය කටයුතු කර ඇත්තේ. පලමු අදියර යටතේ තොග වශයෙන් පොල්තෙල් අලෙවි කරන ව්‍යාපාරික ස්ථානවලින් සාම්පල ලබා ගැණුනා. ඒ, දිවයිනේ තෝරා ගත් ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදියි. දෙවන අදියර යටතේ බෝතල් කළ පොල්තෙල් ද පරීක්ෂා කිරීමට තීරණය කර තිබෙනවා.


වෙළදපොලේ ඇති පොල්තෙල්වල පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය ඇත් දැයි සොයා බැලීම සදහා ලබා ගත් සාම්පල 100 ක් මේවනවිට පරීක්ෂණ සඳහා යොමු කර අවසන්. පොල් සංවර්ධන මණ්ඩලය ඇතුලු ආයතන කිහිපයක් වෙත ඒවා ලබා දී ඇති අතර ඒවායේ පරීක්ෂණ වාර්තා මේ සතියේදී ලැබෙනු ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පැවසුවේ.


මේ අතර තවත් සමාගම් 03ක් මෙරටට ගෙන්වූ පොල්තෙල් සම්බන්ධයෙන් දෙවන සාම්පල පරීක්ෂාවේ අවසන් වාර්තා අද ලැබීමට නියමිතයි. තවත් සමාගමක් ගෙන්වූ පිරිපහදු නොකළ පොල්තෙල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදු කරනු ලැබූ දෙවන තත්ත්ව පරීක්ෂාවෙන් ඒවායේ ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය අඩංගු බව ඊයේ තහවුරු වුණා. 

ඒ අනුව එම සමාගමට අදාල පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනය කිරීමට සිදුවනවා. 


පළමු සාම්පල් පරීක්ෂාවෙන් ද මීට පෙර තහවුරු වී තිබුණේ අදාල සමාගම් 04ම ගෙන්වු පොල්තෙල් වල විස රාසායන ඇති බවයි. පසුව ආනයනික සමාගම් විසින් සිදුකරන ලද අභියාචනා සැලකිල්ලට ගනිමින් ඒවායේ සාම්පල යළි පරීක්ෂා කිරීම ආරම්භ කළා.

කෙසේවෙතත් පිළිකා කාරක අඩංගු බවට අනාවරණය වූ ආනයනික පොල්තෙල් ගබඩා කර ඇති ගබඩා තුනකට මුද්‍රා තැබීමටද පෙරේදා පියවර ගැණුනා.

nethnews

No comments

Ads Place