Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1120 ක් අත්අඩංගුවට

  බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඊයේ පෙරවරු 07 සිට පස්වරු 05 දක්වා සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමකදී සැකකරුවන් 1120 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි බ...

 


බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඊයේ පෙරවරු 07 සිට පස්වරු 05 දක්වා සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමකදී සැකකරුවන් 1120 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසනවා.


එම සැකකරුවන් අතර විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 47 දෙනෙකු, අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් 418 දෙනෙකු හා දූෂණ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු 549 දෙනෙකු ද වන බවයි එම කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.


බස්නාහිර  පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝග හා උපදෙස් අනුව එම විශේෂ පොලිස් මෙහෙයුම සිදුකර තිබුණා.  

No comments

Ads Place