Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වී අස්වැන්නෙන් තුනෙන් එකක් ගන්නේ ඇමති සිරිපාල ගම්ලත්..- ඇමති චමල් කියයි..

  වී වලින් තුනෙන් එකක් විතර ගන්නේ සිරිපාල ගම්ලත් ඇමතිතුමා. එතුමා දන්නවා මේ පාර වී අස්වැන්න අඩුයි. අපි රුපියල් පනහට වී මිල නියම කලාට අද රුපිය...


 වී වලින් තුනෙන් එකක් විතර ගන්නේ සිරිපාල ගම්ලත් ඇමතිතුමා. එතුමා දන්නවා මේ පාර වී අස්වැන්න අඩුයි. අපි රුපියල් පනහට වී මිල නියම කලාට අද රුපියල් 55යි 60යි. වී මිල. ඉතින් හාල් මිල ඉහල යනවා. මේක පාලනය කරන්න නීති රිති වලින් බැහැ. අපිම එකතුවෙලා තමයි මේක පාලනය කරගන්න ඕන. අපි  ගිහින් මේ වී ටික එකතුකරගෙන ගබඩා කරල වී ටික හංගලා හිගයක් ඇතිකර හාල් මිල ඉහල දැම්මොත් ඒකෙන් දුක් විදින්නේ අසරණ ජනතාව බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කීය.

එම අවස්ථාවේදී සිරිපාල ගම්ලත් රාජ්‍ය අමාත්‍ය වරයාද එම වේදීකාවේ සිටින ලදී.

පනාමුර විරාල ගල ඇල්ලේ වැව ජලාශය සදහා මුල්ගල් තැබීම සහ වැඩ ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය වරයා මෙම අදහස් පල කරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු චමල් රාජපක්ෂ අමාත්‍යවරයා කියා සිටියේ මේ පිළිබදව තමුණ්නාන්සේලාගේ අවධානය යොමුකල යුතුයි. මේවා ගබඩාවලින් අරගෙන බෙදාහරින්න අපිට නීතිරීති තියෙනවා.

අපි අවුරුදු දෙකක් ඇතුලත මේහි වැඩ නිම කරලා ඔබට ප්‍රතිලාබ ලබන්නට සලස්වනවා. මේ ජලාශය ඉදිවන භූමියෙන් ඉවත්වන ඒ අයට අපේ උපහාරය පුද කරනවා. මේ අයට නිවෙස් තනාගන්න සහ වගා කරන්න අපි ඉඩම් ලබාදෙනවා.

මේ පොලොව යට තියෙන දේවල් ගැන මම දන්නේ නැහැ. මම දනුනේ වගාවන් පිළිබදව විතරයි. ඒ සදහාත් අපි මැදිහත්වෙනවාත මේ වැව නිසා වතුරට යටවෙන ප්‍රදේශයේ මේ ප්‍රදේහයේම ජනතාවගේ ආධායම් වැඩිකරන්න තිබෙන මැණික් ලබා ගැනීමට ක්‍රමාණුකූලව,නීත්‍යාණුකූලව විදිමත්ව, ලබාගැනීමට අපි අවශ්‍ය ආයතන සමග කතා කරල වැඩ පිළිවෙලක් හදල ඒ කටයුතු කරන්න බලාපොරොත්තු වනවා. මේක ඔබ මෙතෙක් කලක් කරපු අතුරු කර්මාන්තයක්. අපි ඊට පෙර බලනවා මේ හාරන විට ජලාශයට හානියක් වෙනවද කියල එහෙම බලල තමයි තීරනයක් ගත යුත්තේ.

හම්බන්තොට වරාය ආශ්‍රීත ආයෝජන මණ්ඩලයට අයිති ඉඩම් වල දැනට විශාල කර්මාන්ත ශාලා දෙකක් හැදෙනව. ඒ සිමෙන්ති කර්මාන්ත ශාලාවක් සහ යකඩ කර්මාන්ත ශාලාවක්.

වරායක් හැදුවේ මුලු රටේම ජනතාවට ඒ අයගේ දරුවන්ට රස්සාවල් ගන්න තමන්ගේ රටට ආධායම් ලබාගන්න. ඒ ආධායමින් මේ වගේ වැඩ කරන්න දැන් ගිය ආණ්ඩුවෙන් චීන සමාගමකට ඒක විකුණුවා. ඉඩම් අක්කර පහලොස් දහසක් චීනයට දෙන්න ගිය ආණ්ඩුව සුදානම් උනා. අපි විශාල පිරිසක් ගිහින් ඒකට විරෝධය දක්වල ඒක අපිට නතරකරගන්න පුලුවන් උනා. වරායයි ඉඩම් අක්කර15000යි දුන්නනම් අපිට පදිංචියට යන්න වෙන්නේ චීනයට.

ඒ වගේ අධූරදර්ශී රජයක් අපේ රටට විශාල හානියක් කරල තියෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ “ වාරි සෞභාග්‍යා ” වැඩසටහනට ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ. ග්‍රාමීය කුඹුරු ආශ්‍රිත වැව්, අමුණු හා වාරි පද්ධති යථාවත් කරමින් ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකය මෙන්ම ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම “වාරි සෞභාග්‍යා ” වැඩසටහනෙහි ප්‍රධානම අරමුණයි.

ඒ අනුව ඇල්ලේ වැව ජලාශ ව්‍යාපෘතිය, අද දින එනම් 2021.03.19 දින ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මහතාගේ හා වාරිමාර්ග අමාත්‍ය, ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, මැති ඇමතිතුමන්ලා සහ ගොවිජනතාවගේ සහභාගීත්වයෙන් ඇඹිලිපිටිය, පනාමුර, වීරාලගලදී ආරම්භ විණි.

මෙම ඇල්ලේ වැව ව්‍යාපෘතිය පිළිබඳ අවධානය යොමු කිරීමේදී මේ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 1532 ක් වන බව ඇඹිලිපිටිය ඇල්ලේවැව ජලාශ ව්‍යාපෘතියේ ප්‍රධාන නේවාසික ඉංජිනේරු කාර්යාලය පවසයි. එමෙන්ම මෙම ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර් මිලියන 1.91 කි. පිරිසැපයුම් මට්ටමේදී යට වන ප්‍රමාණය හෙක්ටයාර් 28 කි. ප්‍රධාන වේල්ලේ දිග මීටර් 200 කි. එහි මුදුනේ පළල මීටර් 06 කි. එහි උපරිම උස මීටර් 24 කි.

මෙම ව්‍යාපෘතිය මගින් පනාමුර, හුලංදාඔය ගොවි ව්‍යාපාරවල ගොවි පවුල් 2000 ක් සඳහා දැනට පවතින කුඹුරු අක්කර  1127 කට, යල – මහ දෙකන්නය වගා කිරීමට ජල පහසුකම් සැපයිය හැකිය. එමෙන්ම නව ඉඩම් අක්කර 350 ක් වගා කිරීම සඳහාද වාරි ජලය සැපයිය හැකිය. මීට අමතරව ඇඹිලිපිටිය හා කොලොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට ගෘහස්ථ පරිභෝජනය සඳහා අවශ්‍ය පානීය ජලය කොලොන්න ජල යෝජනා ක්‍රමය යටතේ ලබා දීම, ප්‍රධාන කන්න දෙකට අමතරව අතුරු කන්නයක් වගා කිරීම, මිරිදිය මත්ස්‍ය වගාව ආරම්භ කිරීම, ප්‍රදේශයේ භූගත ජල මට්ටම වර්ෂය පුරාම ඉහළ මට්ටමක රඳවා ගත හැකි වීම, සංචාරක කර්මාන්තය සඳහා දායක වීම මෙන්ම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම  මෙම ව්‍යාපෘතියේ සෙසු අරමුණු වේ.

No comments

Ads Place