Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රැඳවියන් බැලීමට බන්ධනාගාරයට පැමිණෙන මන්ත්‍රීවරුනුත් පූර්ණ පරීක්‍ෂාවකට

  රැදවියන් බැලීමට බන්ධනාගාර තුළට පැමිණෙන සියළු පුද්ගලයන් පරීක්‍ෂා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මන්ත්‍රී වරප්‍රසා...

 


රැදවියන් බැලීමට බන්ධනාගාර තුළට පැමිණෙන සියළු පුද්ගලයන් පරීක්‍ෂා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මන්ත්‍රී වරප්‍රසාද යටතේ රැදවියන් බැලීමට පැමිණෙන සියළු දේශපාලනඥයින්ද පූර්ණ පරීක්‍ෂාවකට ලක් කරන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය නෙත් නිවුස් වෙත කියාසිටියේ.


ඊට අදාළ චක්‍රලේඛයක් සියළු බන්ධනාගාර වෙත නිකුත් කරන බවද ඔහු සදහන් කළා. සිරදඩුවමට ලක්ව අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සුවදුක් බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැමිණ තිබුණා. එහිදී මන්ත්‍රීවරයා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග සෙල්ෆි ඡායාරූපයක් ගෙන තිබුණා. ඉන් අනතුරුවයි රැදවියන් බැලීමට බන්ධනාගාර තුළට පැමිණෙන සියළු දේශපාලනඥයින් පරීක්‍ෂා කිරීමට තීරණය කෙරුණේ. 


මේ අතර මන්ත්‍රීවරුන් දෙදෙනා බන්ධනාගාරය තුළ සෙල්ෆි ඡායාරූපයක් ගැනීම සම්බන්ධයෙන් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ වැඩතහනම් කළ බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.

No comments

Ads Place