Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම අවසන් අදියරේ - ඇමති චමල් රාජපක්ෂ

 හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අදාළ අත්‍යවශ්‍ය පියවර රැසක් මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ පවස...


 හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අදාළ අත්‍යවශ්‍ය පියවර රැසක් මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ පවසනවා. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු යෝජනාවක් බවත් එය ගැසට් පත්‍රයක් ලෙස මුද්‍රණ්‍ය කිරීමට ගත වන කාලය නොඉවසා සිටීම ප්‍රේහේළිකාවක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.


දැනට ඉතිරිව ඇත්තේ ඊට අදාළ නීති රෙගුලාසි ක්‍රමවත්ව සකස් කර කෙටුම්පත් නීති සම්පාදක දෙපාර්තමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ගැසට් පත්‍රය මුද්‍රණය කරවීමයි. මාසයක් ඇතුලත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට පියවර ගන්නා බව තමන් මාරාන්තික උපවාසයේ නිරත ගොවීන් හමුවේ ප්‍රකාශ කළ බවයි අමාත්‍ය චමල් රාජපක්ෂ සදහන් කළේ.  


මෙම වන අලි කළමනාකරණ රක්ෂිතය පිළිබද කතා කරන බාහිර පාර්ශ්වයන්ට වඩා දිස්ත්‍රික්කය තුළ මෙම ගැටලුවට දශක ගණනක් පුරා මුහුණ දෙන ජනතාව සමග තමන්ද තවදුරටත් රැදී සිටිනවා. වන අලි කළමනාකරණ විශේෂ රක්ෂිතයක අවශ්‍යතාව තමන් පාර්ලිමේන්තුවට පිවිසි 1989 වසරේ සිට පැවති සියලුම රජයන්ට පෙන්වා දුන් බවයි අමාත්‍ය චමල් රාජපක්ෂ සිහිපත් කළේ. මෙම මාරාන්තික උපවාසයේ යෙදෙන්නේ තම දිස්ත්‍රික්කයේ අහිංසක ඍජු අදහස් ඇති ගොවි ජනතාවක්. 


එම නිසා කිසිදු බාහිර පාර්ශ්වයක උසි ගැන්වීමකට පෙළඹවීමකට යටත් නොවී යෝජිත ගැසට් පත්‍රය ක්‍රමවත්ව මුද්‍රණ්‍ය කර ගැනීම සදහා වූ ඉදිරි පියවරයන්ට සහාය ලබාදෙන ලෙසයි අමාත්‍ය චමල් රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් එම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

No comments

Ads Place