Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද සිට කොවිඩ් සෞඛ්‍ය මාර්ගොපදේශ ලිහිල් වන ලකුණු

  කොවිඩ් 19 වෛරසය පැතිරීමත් සමග මෙතෙක් අනුගමනය කෙරුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ අද සිට සංශෝධනය කිරීමට නියමිතයි. ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක මාර්ගෝපදේශ...

 


කොවිඩ් 19 වෛරසය පැතිරීමත් සමග මෙතෙක් අනුගමනය කෙරුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ අද සිට සංශෝධනය කිරීමට නියමිතයි. ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක මාර්ගෝපදේශ මෙහිදී ලිහිල් වනු ඇති බවටයි පැවසෙන්නේ. මෙම නව මාර්ගෝපදේශ නිකුත් කෙරෙන්නේ මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහායි. ඒ අනුව විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට සහ මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා මෙම මාර්ගෝපදේශ විශේෂයෙන් බලපැවැත්වෙනු ඇති.


මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ කොවිඩ් මර්දන එන්නත ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් ඉල්ලීම් කර ඇති බවයි. 


නිරෝධායන කාලසීමාව අඩු කිරීම සහ රට තුළට පැමිණීමේදී අනුගමනය කළ යුතු නව ක්‍රමවේද ද මෙම නව මාර්ගෝපදේශ මාලාව හරහා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. විදෙස් සංචාරයකින් පසු යළි මෙරටට පැමිණීමේදී ඡක්‍ඍ පරීක්ෂණය මගින් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වන්නේ නම් ඔවුන් නිවෙස් නිරෝධායනය සඳහා යොමුකිරීමට ද යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. 


විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයින්ට ද එහිදී සහනශීලි මාර්ගෝපදේශ, ක්‍රියාවට නැංවීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව මෙරට සිට කෙටි කාලීනව විදෙස් ගතවන පුද්ගලයින් යළි මෙරටට පැමිණීමෙන් පසු ඔවුන් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට දැනටමත් අනුමැතිය ලැබී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත පැවසුවේ.


විශේෂ රාජ්‍ය සංචාර, නිල සංචාර සහ වෙළෙදාම් කටයුතු සඳහා කෙටි කාලීනව විදෙස්ගතවන පුද්ගලයින් සඳහා විශේෂයෙන් මෙම සහනය හිමිවනු ඇති. 

No comments

Ads Place