Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපතිට නොදන්නා අපට ගැසට් ගහන්න එපා කියලා තියෙන්නෙ.. සීනි ගැසට්ටුව ගැහුවෙ මුදල් අමාත්‍යංශයෙන්..

  ‘අපේ රටේ  හාල්  බත් කන්න පරිභෝජනය කරන්නේ මාසෙකට  එක්ලක්ෂ  හැටපන් දහසයි. සීනි කනවා ටොන් පනස්පන් දහසක්. මේ රටේ මිනිස් සු හාල් වගේ තුනෙන් එකක...


 ‘අපේ රටේ  හාල්  බත් කන්න පරිභෝජනය කරන්නේ මාසෙකට  එක්ලක්ෂ  හැටපන් දහසයි. සීනි කනවා ටොන් පනස්පන් දහසක්. මේ රටේ මිනිස් සු හාල් වගේ තුනෙන් එකක් සීනි කනවා’යයි  කුඩා වැවිලිභෝග වගා සංවර්ධන ආශ්‍රීත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර  මහතා අදහස් පල කරන ලදී.

රාජ්‍ය අමාත්‍ය වරයා මෙම අදහස් පල කර සිටියේ සතිපතා පැවැත්වෙන ඉරිදා විග්‍රහය මාධ්‍ය හමුවට එක්වෙමින් ඇඹිලිපිටියේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා,

එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි මේ බදු අඩු කිරීම සම්බන්ධසම්බන්ධවයි මේ කතා කරන්නේ. එතකොට මේ ඔක්කොම ආණ්ඩු කරපු කාලේ 2016.03.08වැනිදා මේරටේ සිනි බද්ද තිබුනා රුපියල් තිහක්. මේක නැවත වරක් ශත විසිපහක් බනට පත් කලා. එතකොට රුපියල් විසි නවයයි ශත හැත්තෑ පහක්  බද්ද අඩු කලා.මාස ගනනාවක් තිබුනා එතකොට ඔය ජනතා විමුක්ති  පෙරමුණ යි සමගි ජනබල  වේගයයි දෙගෙල්ලන්ම එකතුවෙලා ආණ්ඩු කරන කාලේ. එහෙනම් එදා සත 25 ට අඩු කළාම රුපියල් 29 සත හැත්ත පහක් මේ රටට අහිමි වෙලා තියෙනවා.එතකොට ඔය හඳුන්නෙත්ති මහතාට එම තිබුණනෙ අධිකරණයට යන්න.හඳුන්නෙත්ති මහත්තයා එතකොට හිටියේ කෝප් කමිටුවේ සභාපති.

නීතිය ක්‍රියාත්මක කරාද නැහැ. ඇයි.අපේ රටේ බදු ප්‍රතිපත්තියක් තියනවා. භාණ්ඩ මිල වැඩිවන විට දු අඩු කරනවා. දැන් මේ වාසිය ගිහින් තියෙන්නේ ඔය කියන 6දෙනාට විතරද. නැහැ අපි ශත විසි පහට අඩු කරලා ඒ ගොල්ලන් ලංකා වට ගෙනාවට පස්සේ රුපියල් පනහට වැඩි කලානම් තමයි ඒ අයට මේ වාසිය  සම්පූර්ණ යන්නේ.135 ට තිබුණු සීනි අපි ටික දවසක් රුපියල් අසූ පහට දුන්නා .110 ට 115 දක්වා අඩුකරා.රුපියල් විස්සක විතර වාසියක් මේ රටේ ජනතාවටත් ලැබුණා .අපි පිළිගන්නවා අපි බලාපොරොත්තු උන සම්පුර්ණ වාසිය ජනතාවට ලැබුණේ නැහැ .මේ රටේ ඔය කවුරු කවුරුත් ආණ්ඩු කරන කාලේ ඔය කියන කට්ටිය තමයි සීනි ගේන්නේ. අපි සතොස හරහා තමයි අඩු කරල දුන්නේ.

අපි හිතපු තරම් වාසියක් ජනතාවට ලැබුණේ  නැහැ .යම් වාසියක්  ජනතාව ට ලැබුනා. ඩොලර්  එක වැඩි වුනා.ඒ නිසා  ජනතාව ට ඔය කියන  තරම්  වාසියක්  ලැබුණේ  නැහැ . අපි  හොයල  බලනවා යම්කිසි  ආකාරයෙන්  මේ අයට  වාසියක්  වන ආකාරයෙන්  මේ කටයුතු  කලාද කියල. කවුරු හරි  එහෙම කරලනම් ඒ අයට විරුද්දව අපි කටයුතු  කරනව.

හෙට  සීනි  වලට බද්ද ක් ගැහුවනම් ඒක යන්නේ  මේ රටේ  ජනතාව ට.

ඔය බදු ගහන්න කියපු අය බදු ගැහුනම වෙන්නේ ජනතාව ට සීනි 175ට විතර කන්න වෙනවා.

හැබැයි  අපි ඒකට පිලියමක් කලා.දේශීය ගොවිතැන ශක්තිමත් කරන්න  සීනි කර්මාන්තය දියුනු කරන්න දුබුරු සීනි ආනයනය කරන එක සීමා කරන්න  මම ඉල්ලීමක් කරල තියෙන්නේ ලංකාවට දුබුරු සීනි ගේන එක නතර  කරන්න  කියල.ඒක  එදා මුදලු කාරක සභාවේදී මස යෝජනාව ක් ඉදිරිපත් කලා. ඒ ගැන බලලා ඒ අවශ්‍ය  කටයුතු කරගෙන යනවා ලංකාවට දුඹුරු සීනි  ආනයය සම්පූර්ණයෙන්ම  නතර කරල ඒ වාසිය ජනතාවට ලැබෙන්න සලස්වන්න.මේකේ යම්කිසි  පාඩුවක් උනානම්  රජය  කියන්නේ මේ රටේ ජනතාව .යම් කෙනෙක් හිතා මතා ඒ අයගේ සීනි ටික එනකොට මේ බද්ද අඩු  කලානම් ඒක  වැරැදි යි අපි දැන් ඒ පිළිබඳ  සොයා බලනවා.

මේ රටේ සෑම  භාණ්ඩයකම හිටි ගමන්  මිල අඩු කරනවා. ළුෑනුවල බද්ද අඩු කරනවා.පරිප්පු බද්ද අඩු කරනවා. ඔහොම බැලුවොත් මේ රටේ කවදාවත්  බදු යම්යම් වෙල⁣ාවන් වලදී අඩු කලොත් කියාවි ආණඩුවට පාඩුවේවි කියල.එහෙම ගණන් හදලා කියන්නේ. මේ රටේ කිසිම දවසක බදු මුදල අඩු අඩුකර කියාවි කියාවි රජයට මුදලක් අහිමි වුණයි කියලා.එහෙම නම් කවදාවත් මේ රටේ බදු අඩු කරන්න වෙන්නෑ වැඩි කරන්නයි වෙන්නේ.වැඩි කළාම මොකද වෙන්නේ .සීනි වල බද්ද වැඩි කල ගමන් ගෙනත් තියන සීනි වැඩි මිලට විකුනනවා. ඇයි එයා කියනවා දැන් බද්ද වැඩියි.වැඩියෙන් විකුනනවා කියල.

ජනාධිපතිතුමා කියල  තියනවා  ගැසට් ගහන්න  එපා ගහනවනම්.එතුමාගේ අවසරයක් ගන්න කියල.අපි දන්නවා මේවා හරියටම හොයල  බලල කටයුතු  කරන්න . ඒක නිසා  මට සීනි කර්මාන්තය තිබුනට මේ බදු ගහන ප්‍රතිපත්තිය ඒක මුදල් අමාත්‍යංශයේ කාරයවභාරයක්. මම හදන්නේ මේ රටේ සීනි නිෂ්පාදනය වැඩි කරන්න. සීනි ටික වරායේ තියෙද්දී  බද්ද  අඩු  කලානම්  වැරැද්දක් තියනවා. අපි බලන්නේ එහෙම දෙයක් වෙලාද කයල.

No comments

Ads Place