Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රිය අනතුරකින් දෙදරු මවක් මරුට

ගලෙන්බිදුනුවැව නිකවැව අනුරමහ විදුහල අසල අද උදැසන සිදුවු  රිය අනතුරකින් හතලිස් හැවිරිදි විවාහක කාන්තාවක් මියගොස් තිබෙනවා. නිකවැව සිට ගලෙන්බිද...


ගලෙන්බිදුනුවැව නිකවැව අනුරමහ විදුහල අසල අද උදැසන සිදුවු  රිය අනතුරකින් හතලිස් හැවිරිදි විවාහක කාන්තාවක් මියගොස් තිබෙනවා.


නිකවැව සිට ගලෙන්බිදුණුවැව දෙසට ගමන් කරමින් තිබු වෑන් රථයක් රියදුරුට වේගය  පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල තිබු අඹ ගසක වැන් රථයේ බද කොටස ගැටිමෙන් මෙම අනතුර සිදුව අති බවත් එම රථයේ ඇතුලේ සිට කාන්තාවක් මියගොස් ඇති බවත් ගලෙන්බිඳුනුවැව පොලිස් ස්ථානයේ  රථවාහන අංශය සඳහන් කරනවා.


දුටුවැව ප්‍රදේශයේ සිට මිහින්තලය පිහිටි පුද්ගලික ඇගලුම්හලක සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව වර්තාවනවා.


 අනතුර හේතුවෙන් හිස කදින් වෙන්වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.  


 පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙලෙස මියගොස් ඇත්තේ අංක 902 දුටුවැව  ලිපිනයේ පදිංචි හතලිස් හැවිරිදි මානෙල් කුමාරි රත්නායක නම් දෙදරු මවක් බවයි.

 

සිද්ධියට අදාළ වැන් රියේ රියදුරු ගලෙන්බිදුණුවැව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනුරාධපුර මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.


මිය ගිය තැනැත්තියගේ දේහය යකල්ල රොහලේ මෘතශල්යාගාරයේ තැම්පත් කොට ඇති අතර වැන් රිය ගලෙන්බිදුනුවැව පොලිස් බාරයට ගෙන තිබෙනවා .


සිද්ධියට අදාළ වැඩිදුර පරීක්ෂණ ගලෙන්බිදුනුවැව රථවාහන පොලිසිය මගින් සිදු කරනවා.

No comments

Ads Place