Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවේ අයට ආණ්ඩුව විවේචනය තහනම්..

  වත්මන් ආණ්ඩුව දුර්වල වී නොමැති බවත් එය දුර්වල කිරීමට කිසිවෙකුටත් ඉඩදිය නොදෙන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්...

 


වත්මන් ආණ්ඩුව දුර්වල වී නොමැති බවත් එය දුර්වල කිරීමට කිසිවෙකුටත් ඉඩදිය නොදෙන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ආණ්ඩුවේ හිදිමින් ආණ්ඩුව විවේචනය කිරීමට කිසිවෙකුට කිසිදු අයිතියක් නොමැති බවයි. ආණ්ඩුවේ හිදිමින් ආණ්ඩුව විවේචනය කරනු ලබන අය සිදුකරන්නේ සීසීකඩ විසිර නන්නත්තාර වී සිටින විපක්ෂයට ඔක්සිජන් සැපයීම බවට ද ඇමතිවරයා චෝදනා කරයි.

ඕනෑම අයෙකුට සිහින දැකීමේ අයිතිය ඇතත් විපක්ෂය දකින සිහිනය සැබෑ කරගැනිමට කිසිඳු ඉඩක් නොදෙන බවත්  අවධාරණය කරන ඇමතිවරයා බොරු ප්‍රචාරය කරමින් ආණ්ඩුව අප්‍රසාදයට ලක් කිරීමේ කුමන්ත්‍රණයට විපක්ෂය යෙදී සිටින බවද පෙන්වා දෙයි.

මහා මාර්ග අමාත්‍යංශය හා ග්‍රාමීය මාර්ග අවශේෂ යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය දිවයින පුරා ක්‍රියාත්මක කරන මාර්ග සංවර්ධන වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික් පලාත් පාලන ආයතන නියෝජිතයන් දැනුවත් කිරිමේ රැස්වීමකට එක්වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කලේය. රැස්වීම මගනැගුම සංකීර්ණයේදි මෙම රැස්වීම පසුගිය සිකුරාදා පැවැත්විනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

‘අද අපේ ආණ්ඩුවේ ඇතමුන් දේශපාලනය කරන්නේ නෑ. විපක්ෂයේ බොරු චෝදනා වලට රැවටිලා ඔවුනුත් ඒවා ප්‍රචාරය කරනවා. ආණ්ඩුවේ හිඳිමින් ආණ්ඩුව විවේචනය කරන අයත් විපක්ෂයේ විවේචන නිහඬව සිටිමින් අනුමත කරන අයත් කරන්නේ සීසිකඩ ගිහින් නන්නත්තරා වෙලා ඉන්න විපක්ෂයට ඔක්සිජන් සැපයීම. මේකට තවදුරටත් ඉඩදෙන්න බෑ. අපේ ආණ්ඩුවේ වරප්‍රසාද භුක්ති විඳිමින් ආණ්ඩුව විවේචනය කරන්න කිසිවෙකුට බෑ. සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සංවිධානය, ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ මේ වනවිට ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් පිලිබඳව වැරදි තොරතුරු සමාජගත කරමින් සිටිනවා.එය ඔවුන්ට බලය ලබා ගැනිමේ කුමන්ත්‍රණයක් ලෙසයි මෙය කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන්ද ඊට අහුවෙලා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රටට ආදරය කරන සියලු දෙනා අප සමගයි.එක්කෙනෙක් දෙන්නෙක් විකාර කියෙව්වාට අපට කරන්න දෙයක් නෑ.හැබැයි අපේ පක්ෂය විවේචනය කරන්න කිසිවෙකුට ඉඩදෙන්නේ නෑ.

2015 දි මහින්ද රාජපක්ෂ මහතා පැරදුනෙත් මේ වගේම බොරු ප්‍රචාර වලට රැවටිලමයි. අපි වැඩ කලාට ගමේ දේශපාලන හිඩසක් ඇතිවුනා.ඒ හිඩසට ජනතා විමුක්ති පෙරමුණයි, එක්සත් ජාතික පක්ෂයයි බැස්සා.ඒ නිසා සංවර්ධනය වගේම දේශපාලනයත් කරන්න. රට තුල පැතිර යන ආණ්ඩු විරෝධි මතවාද වලට උත්තර දෙන්න. 2015ට කලින් මේ රට වැඩ කරපු රටක්.මේ වැඩකරපු රට වැඩ බිමක්ව තිබූ රට මුඩු බිමක් බවට පත් කලෙත් යහපාලන ආණ්ඩුව. යහපාලනය මුඩු බිමක් බවට පත් කල රට අපි නැවතත් වැඩ බිමක් බවට පත් කරනවා.

මේ වෙනකොට හැම ග්‍රාමසේවා වසමකටම ලක්ෂ 100කට අධික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ වෙලා තියෙනවා. හැම ගමකම පාරක් හැදෙන්න ලක්ෂ 20ක් වෙන් කෙරෙනවා.මෙය සිදුකෙරෙන්නේ මාර්ග ලක්ෂයේ ව්‍යාපෘතියට අමතරවයි. ඊට අමතරව නිවසක් සහ ව්‍යාපාරික ස්ථානයක් සාදා දීමේ ව්‍යාපෘතියට ලක්ෂ 36ක් වෙන් වෙනවා.ගමේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිවෙනවා. විදුලිය නොමැති නිවාස වලට විදුලිය දෙනවා. ජල සැපයුම දෙනවා. හැම ගමකම ක්‍රීඩා පිට්ටනියක් හැදෙනවා. අපි මේ සියල්ල කරන්නේ කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කර ගනිමිනුයි. වැඩ බැරි ෆේල් දේශපාලඥයෝ ආණ්ඩුව අප්‍රසාදයට පත් කරන්න කටයුතු කරනවා. අපේ අය නිහඬව ඉන්නවා. මෙයට තවත් ඉඩ දිය නොහැකියි.   ’

මේ අවස්ථාව සඳහා ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය ඇමති නිමල් ලාන්සා, දිස්ත්‍රික්කයේ සෙසු මැති ඇමතිවරුන් මෙන්ම ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද එක්ව සිටියහ.

No comments

Ads Place