Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පේරාදෙණිය පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ මිලියන 50 ක මුල්‍ය වංචාවක් ගැන කෝපා කමිටුවේදී හෙළිවෙයි

 පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය විසින් පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු වලින් රුපියල් මිලියන 50 ක මුදලක් එහි හිට...


 පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය විසින් පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු වලින් රුපියල් මිලියන 50 ක මුදලක් එහි හිටපු ජේෂ්ඨ නිලධාරියෙක් විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වි තිබෙනවා.


පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය විසින් මහජන බැංකුව පේරාදෙණිය ශාඛාවේ පවත්වා තිබූණු ස්ථාවර තැන්පතු 14ක් 2009 ජනවාරි 01 දින සිට 2016 දෙසැම්බර් 31 දින දක්වා කාලය තුළ අවසන් කර, ලබා ගත්  රුපියල් මිලියන 93 (රුපියල් 93,287,025) ක මුදලින්, රුපියල් මිලියන 37ක් (රුපියල් 37,948,865) ක් පමණක් නව ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර රුපියල් මිලියන 50 (රුපියල් 50,338,160) ක මුදලක් ජේෂ්ඨ සහකාර මුල්‍යාධිකාරිවරයා විසින් වංචා සහගත ලෙස පෞද්ගලිකව මුදලින් ලබාගෙන මුල්‍ය වංචාවක් සිදු කොට තිබේ.


මෙම මුල්‍ය වංචාව සම්බන්ධ නිලධාරිවරයාගේ වැඩ තහනම් කොට ඇති අතර මේ පිළිබඳව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරික්ෂණයක් සිදු කෙරෙමින් පවතී. 


විශ්ව විද්‍යාලය තුළ මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම සඳහා පේරාදෙණිය විශ්ව විද්යෙලයේ පාලක සභාව මගින් විනය පරික්ෂණයක්ද සිදු කරමින් පවතින අතර අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් ද අධිභාර පැනවීමක් සිදු කරන බවද පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී තවදුරටත් අනාවරණය විය.


පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ 2018 සහ 2019 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළබඳ විමර්ශනය කිරීම සදහා මෙම කෝප් රැස්වීම කැදවා තිබුණා.

nethnews


එයට අමතරව, පේරාදෙණිය විශ්ව විද්යාලයේ විද්යස පීඨයේ පුස්තකාලාධිපතිවරයා වෙත පශ්චාත් උපාධි ආයතනයේ සේවය කිරීම කිරීම වෙනුවෙන් අදාල මාසික වේතනයට අමතරව 10% ක දීමනාවක් පශ්චාත් විද්‍යා උපාධි ආයතනය මගින් අදාල අනුමැතියකින් තොරව ගෙවීම සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේ අවධානය යොමු විය.

No comments

Ads Place