Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් ආසාදිත දරුවන් 38 ක් සාමාන්‍ය පෙළ ලියයි

  කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය රීතීන්ට උපරිම ප්‍රමුඛතාව ලබා දෙමින් 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වුණා. ...

 


කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය රීතීන්ට උපරිම ප්‍රමුඛතාව ලබා දෙමින් 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වුණා. 


නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ පෙරවරු 7.45 වන විට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණ සිටි බවයි. නෙත් නිවුස් කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ අද දිනට නියමිතව තිබූ විභාගය පෙරවරු 11.40 ට අවසන් වූ බවයි. 


පළමු දිනය වූ අද කිසිදු අක්‍රමිකතාවක් හෝ ගැටළුවක් මේ වනතෙක් වාර්තා නොවූ බවද ඔහු ප්‍රකාශ කළා. 


එමෙන්ම කොරෝනා වෛරසය ආසාදිත දරුවන් 38 දෙනෙකුද අද විභාගයට පෙනී සිටි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ. 


එම දරුවන්ට විභාගයට මුහුණදීම සදහා විශේෂ මධ්‍යස්ථානද පිහිටුවා තිබූ බව වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.


වෙනත් වසරවලට සාපේක්‍ෂව මෙවර විභාගයේදී අපේක්‍ෂකයින්ට පෙර නොවූ කොන්දේසි රැසකට යටත්ව කටයුතු කිරීමට සිදුව තිබුණා. 


සෞඛ්‍ය මාර්ගෝපදේශ ඒ අතරින් ප්‍රධානයි. කෙසේවෙතත් අපේක්‍ෂකයින් පාසල වෙත පැමිණීමේදී මුහුණු ආවරණ පැළදීම අනිවාර්යය වුවත් විභාගයට පෙනී සිටීමේදී ඔවුන්ට මුහුණු ආවරණ ඉවත් කර විභාගයට පෙනී සිටීමට අවසර ලබාදී තිබුණා. 


විභාග මධ්‍යස්ථාන 4,513කදී ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධීකරණය සඳහා මධ්‍යස්ථාන 542ක් ද ස්ථාපිත කර තිබෙනවා. 


ලබන 10 වන දින දක්වා පැවැත්වෙන මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සහභාගි වන අපේක්‍ෂකයින් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත නෙත් නිවුස් වෙත කියාසිටියේ.


මේ අතර සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා අවම කර ගැනීම සදහා මාර්ගෝපදේශ සහ මෙහෙයුම් සැලැස්මක් ද මෙවර හදුන්වාදී තිබෙනවා. ඒ, ආපදා කළමානකරණ මධ්‍යස්ථානය හා විභාග දෙපාර්තමේන්තුව සමග එක්වයි. 


ඒ අනුව කිසියම් උපද්‍රවයක් හේතුවෙන් විභාගයට බලපෑමක් එල්ලවේ නම් ක්ෂණික දුරකථන අංක වන 117 හා 1911 අමතා ඒ පිළිබද දැනුම් දීමට හැකි වනවා. 


මාර්තු 11 දක්වා කාලය තුළ පැය 24 පුරා හදිසි හදිසි සම්බන්ධීකරණ කාර්යාලයක් ද විභාග දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කර තිබෙනවා.


මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට සිය අධ්‍යයන කටයුතු කර ගැනීමට බාධාවන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

No comments

Ads Place