Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර යුදඅපරාධ අධිකරණයකට ඉදිරිපත් කරන්නැයි යාපනයේ මාරාන්තික උපවාසයක්…

  ශ්‍රී ලංකාවේ යුදඅපරාධ සම්බන්ධයෙන් ජත්‍යන්තර යුදාධිකරණයක් හමුවට ඉදිරිපත් කරන්නැයි  ඉල්ලමින් යාපනයේ ආගමික නියෝජිතවරුන් කිහිපදෙනෙක් සහ, යාපනය...

 


ශ්‍රී ලංකාවේ යුදඅපරාධ සම්බන්ධයෙන් ජත්‍යන්තර යුදාධිකරණයක් හමුවට ඉදිරිපත් කරන්නැයි  ඉල්ලමින් යාපනයේ ආගමික නියෝජිතවරුන් කිහිපදෙනෙක් සහ, යාපනය විශ්වවිද්‍යාල සිසුහු කිහිපදෙනෙක් නල්ලුර් කන්දසාමි කෝවිල ඉදිරිපිට ඊයේ (28) සවස සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.

මාරාන්තික උපවාසය ආරම්භ කරමින් අදහස් දැක්වු වේලන් ස්වාමි වරයා පැවසුවේ ජීනීවා මානව හිමිකම් කවුන්සල සැසිවාරය ආරම්භ වී ඇති මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් කර ඇති බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුදාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම යුදඅපරාධ හේතුවෙන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට වැඩිම අසාධාරණයක් සිදුවූ හෙයින් ජාත්‍යන්තර යුදඅධිකරණයකට ඉදිරිපත් කිරීමෙන් ශ්‍රි ලංකාවේ දෙමළ ජනතාවට සාධාරණය යුක්තිය ඉටු විය යුතු බවද වේලන් ස්වාමි මහතා වැඩිදුරටත් පැවසීය .

උපවාසය වෙනුවෙන් විශ්වවිද්‍යාල සිසුන් වරින් වර කණ්ඩායම් වශයෙන් සහය දීමට පියවර ගෙන ඇති අතර මෙම උපවාසය මාර් තු 23 වනදා තෙක් පැවත්වීමට තීරණය කොට ඇති බවටද උපවාසයේ නිරත වූවන් වැඩි දුරටත් පැවසූහ.

lankacnews

No comments

Ads Place