Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 260ක් සමග ලාංකික ධිවර යාත්‍රා 03ක් ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් සහ හෂීස් කිලෝග්‍රෑම් 60ක් සමග ශ්‍රී ලංකික බෝට්ටු තුනක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර...


හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් සහ හෂීස් කිලෝග්‍රෑම් 60ක් සමග ශ්‍රී ලංකික බෝට්ටු තුනක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.


ඉන්දීය වෙරළාරක්ෂක බලකා භාරයට ගත් එම බෝට්ටු දකුණු ඉන්දීය තිරුවානාතපුරම් ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර සිටින්නේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ආකර්ෂා දුව, චතුරාණී 3 , සහ චතුරාණි 8 යන ශ්‍රී ලාංකික බෝට්ටු තුනයි.


ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් වර්ෂා නමැති නෞකාව මගින් මෙම බෝට්ටු සිය භාරයට ගෙන ඇති අතර, එම බෝට්ටු වල සිටි කාර්යමණ්ඩල සාමාජිකයින් ගණන 19 කි.


ලක්ෂාදීප් දිවයිනට නාවික සැතපුම් 400 ක් දුරින් වු මුහුදේදී පාකිස්ථාන බෝට්ටුවකින් තමන්ට හෙරොයින්, හෂීෂ් ඇතුළු මෙම මත්ද්‍රව්‍ය තොගය ලැබුණු බවට ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත්තේ.

No comments

Ads Place