Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දියාවෙන් නව ද්විත්ව කොවිඩ් ප්‍රභේදයක් : ගතවූ පැය 24 තුලදී ආසාදිතයින් 47,000ක්

  දෙවන කොරෝනා රැල්ලකට මුහුණ පා සිටින අවදියක කොරෝනා වෛරසයේ "නව ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදයක්" ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව එරට ස...

 


දෙවන කොරෝනා රැල්ලකට මුහුණ පා සිටින අවදියක කොරෝනා වෛරසයේ "නව ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදයක්" ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. 


මෙම විකෘති කොවිඩ් ප්‍රභේදය ඉන්දියාවේ ප්‍රාන්ත 18 කින් වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය විසින් වාර්තා කර සිටින්නේ.


බ්‍රිතාන්‍යය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලයෙන් වාර්තා වූ නව කොවිඩ් ප්‍රභේදය ආසදිතවූ පුද්ගලයින් 771ක් දෙනෙකුට අමතරව මෙම නව ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදය එරටින් වාර්තා වී ඇති බවට සෞඛ්‍ය අංශ වාර්තා කර සිටින්නේ.


මෙම කොවිඩ් ප්‍රභේද හඳුනා ගෙන ඇත්තේ ජෛව සාම්පල් 10,787ක් අතුරින් සිදුකළ ජෛව සාම්පල් පරික්ෂාවන් වලදී බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.


බ්‍රිතාන්‍යය, දකුණු අප්‍රිකානු සහ බ්‍රසීල කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් වාර්තා වී ඇත්තේ විදේශගතව සිට ඉන්දියාවට පැමිණි පුද්ගලයින්ගෙන් බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කළේ.


ගතවූ පැය 24 ක කාලය තුලදී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 47,262ක් වාර්තා වී ඇති අතර ඉකුත් නොවැම්බර් මාසයෙන් පසුව දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වනවා.

No comments

Ads Place