Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෙවන කොරෝනා රැල්ලකට මුහුණ පා සිටින අවදියක කොරෝනා වෛරසයේ "නව ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදයක්" ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. මෙම විකෘති කොවිඩ් ප්‍රභේදය ඉන්දියාවේ ප්‍රාන්ත 18 කින් වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය විසින් වාර්තා කර සිටින්නේ. බ්‍රිතාන්‍යය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලයෙන් වාර්තා වූ නව කොවිඩ් ප්‍රභේදය ආසදිතවූ පුද්ගලයින් 771ක් දෙනෙකුට අමතරව මෙම නව ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදය එරටින් වාර්තා වී ඇති බවට සෞඛ්‍ය අංශ වාර්තා කර සිටින්නේ. මෙම කොවිඩ් ප්‍රභේද හඳුනා ගෙන ඇත්තේ ජෛව සාම්පල් 10,787ක් අතුරින් සිදුකළ ජෛව සාම්පල් පරික්ෂාවන් වලදී බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. බ්‍රිතාන්‍යය, දකුණු අප්‍රිකානු සහ බ්‍රසීල කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් වාර්තා වී ඇත්තේ විදේශගතව සිට ඉන්දියාවට පැමිණි පුද්ගලයින්ගෙන් බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කළේ. ගතවූ පැය 24 ක කාලය තුලදී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 47,262ක් වාර්තා වී ඇති අතර ඉකුත් නොවැම්බර් මාසයෙන් පසුව දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වනවා.

  අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව දැයට කිරුල පැවති භුමියේ නව ඖෂධ සහ ශල්‍ය උපකරණ නිෂ්පාදන කලාපයක් බිහි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. මෙය...

 


අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව දැයට කිරුල පැවති භුමියේ නව ඖෂධ සහ ශල්‍ය උපකරණ නිෂ්පාදන කලාපයක් බිහි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මෙය පුර්ණ පහසුකම් සහිත නගරයක් ලෙස ඉදිවන අතර කර්මාන්තශාලා 25ක් සඳහා මේ වනවිටත් ආයෝජකයන් ඉදිරිපත්ව ඇත. රජයට හෝ මහා භාණ්ඩාගාරයට බරක් නොවන අයුරින් ව්‍යාපෘතිය දියත් වේ.

සමස්ත ආයෝජනය රුපියල් මිලියන 30,000 වන අතර රැකියා අවස්ථා 3000 මේ ව්‍යාපෘතිය ඔස්සේ ජනිත වනු ඇත.

පෙති,කරල්, දියරමය ඖෂධ, එන්නත්, ශල්‍ය උපකරණ, සිරින්ජර, ශල්‍ය ඉඳිකටු හා මැහුම් ද්‍රව්‍ය, බැන්ඩේජ් සහ ප්ලාස්ටර් ඇතුළු නිෂ්පාදන ගණනාවක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෙම නිෂ්පාදන කලාපය ඉදිකිරීමෙන් පසු එමගින් ශ්‍රී ලංකාවේ ඖෂධ සහ ශල්‍ය උපකරණ අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් (1/3) සැපිරෙනු ඇත.

ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යංශය ව්‍යාපෘතිය මෙහෙයවයි.

No comments

Ads Place