Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 22කට විනය පරීක්ෂණ… චෝදනා පත‍්‍ර බාර දේ…

  කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හා මන්ත්‍රීවරයන් 22 නෙකුට එරෙහිව විනය විරෝධී කටයුතු කිරීම...


 කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හා මන්ත්‍රීවරයන් 22 නෙකුට එරෙහිව විනය විරෝධී කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වරයා විසින් චෝදනා පත්‍ර ලබා දී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක , කළුතර ශ්‍රීල.නි.ප .ආසන සංවිධායක ,සහ ශ්‍රි.ල.නි.ප. මධ්‍යම කාරක සභික සුමිත් ලාල් මැන්ඩිස් මහතා පවසයි .

පසුගිය මහ මැතිවරණයේදී පක්ෂයේ තීරණවලට පටහැනිව විනය විරෝධී ලෙස කටයුතු කිරීම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අත ලකුණ යටතේ තරඟකල අපේක්ෂකයන් සහ සංවිධායකවරුන් සමග සහයෝගයෙන් කටයුතු නොකිරීම සම්බන්ධව මෙම ප්‍රාදේශීය සභා සභික සභිකාවන්ට විරුද්ධව චෝදනා එල්ල වී ඇති බව ද සුමිත් ලාල් මෙන්දිස් මහතා පවසයි .

දින හතක් තුළ නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට හා මන්ත්‍රීවරියන්ට පක්ෂයේ මහ ලේකම් විසින් දැනුම් දී ඇති බවද සුමිත් ලල් මෙන්දිස් මහතා වැඩිදුරටත් පවසයි .

පානදුරේ නමයක් ,බේරුවලින් පහක් , කළුතරින් හතරක් ,බණ්ඩාරගම දෙකක් , මිල්ලනිය එකක් හා බුලත්සිංහල එකක් වශයෙන් මෙසේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වරියන් 22කට චෝදනා පත්‍ර ලබා දී ඇති බව කියයි .

LANKACNEWS

No comments

Ads Place