Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පලංචි අස්සෙන් මතුවූ කෝටි 09ක් වටිනා සිගරට් තොගය

ගොඩනැගිලි ඉදිකිරිම සඳහා භාවිතා කරන පලංචි කණු ලෙස ප්‍රකාශ කරමින් චීනයේ සිට මෙරටට නීති විරෝධී ලෙස ගෙන්වන ලද රුපියල් නව කෝටි අට ලක්ෂ දහසය දහසක්...


ගොඩනැගිලි ඉදිකිරිම සඳහා භාවිතා කරන පලංචි කණු ලෙස ප්‍රකාශ කරමින් චීනයේ සිට මෙරටට නීති විරෝධී ලෙස ගෙන්වන ලද රුපියල් නව කෝටි අට ලක්ෂ දහසය දහසක් (රු. 90,816,000) ක් පමණ වටිනා දුම්වැටි තොගයක් කොළඹ වරායට ඒවා තිබියදී රේගුව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.


ග්‍රෑන්ඩ්පාස් ග්‍රේ ලයින් 02 අංගනයේ රේගු ප්[පරීක්ෂණ නිලධාරීන් විසින් අද දින මෙම පලංචි තොගය තිබු බහාලුම විවෘත කරනු ලැබූ අතර එහිදී මෙම චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගය සොයා ගැනීමට සමත්ව ඇත.


කොළඹ ප්‍රධාන පෙළේ ගොඩනැගිලි ඉදිකිරීම් සදහා යකඩ සහ පලංචි ආනයනය කරන ව්‍යාපාරිකයෙකු විසින් මෙම දුම්වැටි අඩංගු පලංචි කණු තොගය චීනයේ වෙන්ෂෝ වරායේ  සිට අඩි 20 ක් දිගැති බහාලුමක් තුළ ඉකුත් පෙබරවාරි මස 28 වෙනිදා දින කොළඹ වරායට ගෙන්වා තිබු අතර එම බහාලුම විවෘත කර පරීක්ෂා කර බැලූ රේගු නිලධාරීන්ට මෙම පලංචි කණු වල නිමාවේ තිබූ අසාමාන්‍යතා හේතුවෙන් මෙම දුම්වැටි තොගය සොයා ගැනීමට හැකිව තිබෙනවා.


මෙම බහාලුම තුළ අඩි 10 ක් දිග අඩි 4 × 4  ප්‍රමාණයේ දෙපසින් ලෝහ තහඩු යොදා වසා දමා තිබූ පලංචි කණු 344 ක් තුළ දුම්වැටි කාටූන් 22 බැගින් සගවා තිබු බවයි රේගු බලධාරීන් සඳහන් කළේ.


ඒ අනුව චීනයේ නිෂ්පාදිත දුම්වැටි වර්ග 06 කට අයත් දුම්වැටි 1513,600 ක් (පහලොස් ලක්ෂ දහතුන් දහස් හය සියයක්) අඩංගු දුම්වැටි කාටූන් 7,568 ක් මෙම පලංචි කණු තුළ සගවා තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා.

                 

මෙම දුම්වැටි සහිත පලංචි කණු මෙරටට ආනයනය කළ ආනයනයකරු සහ එම ආයතනයේ වාප්පු ලිපිකරු රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.


මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත කොළඹ ග්‍රෑන්ඩ්පාස් ග්‍රේ ලයින් 02 අංගනයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජගත් පුෂ්පකුමාර ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

No comments

Ads Place