Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාවේ ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීමට ක්‍රමවේදයක්

  ශ්‍රී ලංකාවේ ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනා ගැනීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අතුරු වාර්තාව එම කමිටු සාමාජිකයෝ විජේරාම ප...

 


ශ්‍රී ලංකාවේ ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනා ගැනීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අතුරු වාර්තාව එම කමිටු සාමාජිකයෝ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවෙසේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන්හ.


මේ අතුරු වාර්තාව අනුව ඉදිරිපත් කරන යෝජිත ක්‍රමවේදය මහජන අදහස් ගැනීම සඳහා ලබන 08 වැනිදා පුවත්පත්වල ප්‍රසිද්ධ කිරීමට නියමිතය.


ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතාගේ ඉල්ලීම පරිදි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැතිවරයා ලෙස අගමැතිවරයා විසින් ශ්‍රී ලංකාවේ ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනා ගැනීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ගත්තේය.


ඒ අනුව ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනා ගැනීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා ප්‍රවීණයන් 16 දෙනකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කෙරිණි.


අදාළ කමිටුව මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය මාලනී ඇදගම, මහාචාර්ය රෝහණ පී මහාලියනආරච්චි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, මහාචාර්ය යසාංජලී ජයතිලක, මහාචාර්ය මුදියන්සේ දිසානායක, ආචාර්ය මංගල කටුගම්පොළ, ආචාර්ය ජානකී ජයවර්ධන, ආචාර්ය ටී. සනතානන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්. ඒ. එම්. යසීර්, ජනශ්‍රැති විචාරක මහින්ද කුමාර දළුපොත, ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, පුරාවිද්‍යා, ජාතික ලේඛනාරක්ෂක, කෞතුකාගාර දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරුන් හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් සමන්විත වේ.


මේ අතුරු වාර්තාව භාර දීමේ අවස්ථාවට ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා, කමිටු සමාජිකයන් සහ අගමැති ලේකම් ගාමිණී සෙනරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

noizetv

No comments

Ads Place