Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාදිනල් හිමිපාණන් ගේ පෙත්සමට පොලිස්පති ඇතුළු පිරිසකට නොතිසි

 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සොයා ගත් කඩු හා වෙනත් ආයුධ මෙරටට ආනයනය කිරීමට අදාළව පරීක්ෂණ නිසි ආකාරයට සිදු නොකිරීම සම්බන්ධයෙන් කොළඹ ...


 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සොයා ගත් කඩු හා වෙනත් ආයුධ මෙරටට ආනයනය කිරීමට අදාළව පරීක්ෂණ නිසි ආකාරයට සිදු නොකිරීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ගොනු කළ රිට් පෙත්සමට අදාළව වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇති පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා .


ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්න කොරෙයා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල පොලිස්පතිවරයා , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පාර්ශවයන් හයකට මාර්තු මස 05 වෙනිදා අධිකරණයේ කරුණු ඉදිරිපත් කිරීමට නොතීසි නිකුත් කරන ලදී.


කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සිය රිට් පෙත්සමෙන් පවසා සිටින්නේ මෙම ආනයනය කරන ලද කඩු හා වෙනත් ආයුධ මෙරටට ආනයනය කළේ කවුරුන්ද ඒ සදහා අරමුදල් ලැබුණු ආකාරය පිළිබඳ කිසිදු කරුණු අනාවරණයක් සිදු කර ගැනීමට වග උත්තරකරුවන් අපොහොසත් වී ඇති බවයි.


මෙම කඩු සහ අනෙක් ආයුධ තොගය මෙරටට ආනයනය කිරීමට අදාළව විමර්ශනය නොකිරීම රට අනාරක්ෂිත කිරීමක් බවත් සාධාරණය අපේක්ෂා කරන පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් කාදිනල්තුමා පවසා සිටියි .

No comments

Ads Place