Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටි අයෙකු ජිවිතක්ෂයට.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

 බගවන්තලාව නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් 19 වෛරසය අසාදනය වු 78 හැවිරිදි දෙදරු පියෙකු (07) දින අලුයම මිය ගිය බවත්,මිය ගි...


 බගවන්තලාව නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් 19 වෛරසය අසාදනය වු 78 හැවිරිදි දෙදරු පියෙකු (07) දින අලුයම මිය ගිය බවත්,මිය ගිය දෙදරු පියාගේ සිරුර (07) දින පස්වරුවේ නොර්වුඩ් ප්‍රාදේශිය සභා අදහනාගාරයේදි අදාහනය කල බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.


මෙසේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය පොලිස් වසමට අයත් හපුගස්තලාව ප්‍රදේශයේ පදිංචි එම්.මුබාරක් නැමති දෙදරු පියෙකි.


කොවිඩ් 19 වෛරසය අසාදනය වු දෙදරු පියා ඉකුත් 29 දින බගවන්තලාව මෝරා වතු යායේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර සදහා යොමු කර සිටියදි ඔහුගේ රෝගි තත්ත්වයක් උත්සන්න විම නිසා (06) දින දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු දෙදරු පියා (07) දින අලුයම ජිවිතක්ෂයට පත් වි ඇත.


නිදන්ගත රෝග කිහිපයක් උත්සන්න වි තිබිම නිසා  කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගියා මිය ගිය බව දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් විසින් තිරණය කර තිබුණි.


මිය ගිය දෙදරු පියාගේ අවසන් කටයුතු සිදු කිරිම ඥාතින් විසින් ප්‍රතික්ෂේප කිරිම නිසා අදාහන කටයුතු රජයේ වියදමින් සිදු කිරිමට කටයුතු කල බව දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යය කලන ලොකුහේවා මහතා පැවසිය.

lankacnews

No comments

Ads Place