Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිවසට ගෙන්වා රනිල් හරීන්ට උපදෙස් දෙයි

  එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරින් ප‍්‍රනාන්දු අතර හමුවක් පසුගියදා සිදුව තිබේ. පස...

 


එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරින් ප‍්‍රනාන්දු අතර හමුවක් පසුගියදා සිදුව තිබේ.


පසුගිය දිනෙක එම හමුව සිදුව ඇති අතර එහිදී රටේ පොදු කාරණාවලදී එක්සත් ජාතික පක්‍ෂය සහ සමගි ජල බලවේගය එක්ව කටයුතු කිරීමට එකගතාවක් ඇති කර ගෙන ඇත.


ඉදිරියේදී රට තුළ ඇතිවන ප‍්‍රධාන ගැටලූවලදී දෙපාර්ශ්වය සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡුා වී ඇති අතර එම සාකච්ඡා තවදුරටත් ඉදිරියට කරගෙන යෑම සඳහා එහි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සමග කතාබහ කර ගන්නැයි රනිල් වික‍්‍රමසිංහ හරින් ප‍්‍රනාන්දු මහතාට දන්වා තිබේ.


මෙම හමුව රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නිවසේදී සිදු වූ බවත් එම සාකච්ඡුාව පිළිබඳව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කලින් දැනුවත් කළ බවත් හරින් ප‍්‍රනාන්දු පවසයි.

noizetv

No comments

Ads Place