Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා ආසාදිතයන් 70,000කට ආසන්නයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි

  කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් – 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 26,000කට ආසන්න වී ඇති අතර සමස්ත රට පුරා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 70,000 කට ආස...

 


කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් – 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 26,000කට ආසන්න වී ඇති අතර සමස්ත රට පුරා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 70,000 කට ආසන්න වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.


පසුගිය පැය 24 තුළදී ආසාදිතයන් 772 ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම ආසාදිතයන් 245 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත් කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25,934 ක් බවත් කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.


මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 69,347 ක් වන අතර ඉන් 63,400 ක් පූර්ණ සුවය ලබා ඇත.


රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි සිටි පුද්ගලයන් 807 ක් පසුගිය පැය 24 තුළදි පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. කොවිඩ් ආසාදිත පුද්ගලයන් 5 ක් පසුගිය පැය 24 තුළදී මරණයට පත්වීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 356 ක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබේ.


ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 91 ක පුද්ගලයන් 8027 ක් නිරෝධායනය වෙමින් සිටියි.


කොරෝනා වයිරසය හඳුනා ගැනීම සඳහා පෙරේදා (07) දින පී.සී.ආර්. පරීක්ෂණ 15,746 ක් සිදු කර ඇත.

No comments

Ads Place