Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අයි පී එල් වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට බින්දුව - දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකුට ඉතිහාසගත වටිනාකමක්

  ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියර සදහා ක්‍රීඩක වෙන්දේසිය චෙන්නායි නුවරදී ඊයේ පැවත් වුණා. එහිදී කිසිදු කණ්ඩායමක් ශ්‍ර...

 


ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියර සදහා ක්‍රීඩක වෙන්දේසිය චෙන්නායි නුවරදී ඊයේ පැවත් වුණා. එහිදී කිසිදු කණ්ඩායමක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මිලදී ගැනීමට ඉදිරිපත් නොවීම විශේෂත්වයක්.  ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9 දෙනෙකු මෙවර අයි පී එල් ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන බවට ප්‍රකාශ කර තිබුණ ද ඊයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙකු පමණයි.


ඒ අනුව කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා සහ ඉකුත් වසරේ අයි පී එල් තරගාවලියේදී රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කළ ඉසුරු උදාන ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණා. කෙසේ වෙතත් මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලියට එක් වන කිසිදු කණ්ඩායමක් ඔවුන්ගෙන් කිසිවෙකුත් මිලදී ගැනීමට ඉදිරිපත් වූයේ නැහැ.


සියළු කණ්ඩායම් තමන්ට ලබාගත හැකි විදෙස් ක්‍රීඩකයින් 8 දෙනා මේ වනවිට මිලදී ගෙන අවසන් බැවින් මෙවර අයි පී එල් තරගාවලියේදී කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට තරගවැදීමට අවස්ථාව හිමි නොවනු ඇති. 


මෙවර අයි පි එල් ක්‍රිඩක වෙන්දේසියේදී වැඩිම වටිනාකමක් හිමි වූයේ දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස්ටයි. ඔහුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 16 යි දශම දෙකයි පහකට මිලදී ගනු ලැබුවා. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ක්‍රීඩක වෙන්දේසියකදී ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම වටිනාකම ද මෙය වනවා. 


මීට පෙර අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියකදී වැඩිම මිලකට ක්‍රීඩකයෙකු අලෙවි වී තිබුණේ 2015 වසරේ දී යි. එම වසරේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් යුවරාජ් සිං ඉන්දීය රුපියල් කෝටි 16කට මිලදී ගෙන තිබුණා. මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලිය සදහා කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු එක් නොවුවද හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් කුමාර් සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්‍ෂවරයා ලෙසත් කටයුතු කරනවා.


මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීම් පුහුණුකරු ලෙස කටයුතු කළ ඕස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් සේකර් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පෞද්ගලික හේතුවක් මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. 

No comments

Ads Place