Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

ශ්‍රී ලංකාව සමග ෆ්ලයි ඩුබායි ගුවන් ගමන් යළි අරඹයි

 කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා නවතා දමා තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් සේවය ගුවන් ගමන් අද අලුයම සිට යළි  ආර...


 කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා නවතා දමා තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් සේවය ගුවන් ගමන් අද අලුයම සිට යළි  ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ පළමු ගුවන් යානය ඩුබායි සිට මගීන් 58 දෙනෙකු රැගෙන අලුයම 12.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.


එම ගුවන් යානය අලුයම 1.50 ට ගුවන් මගීන් 166 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළෙන් යළි ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා. ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකටම දින දෙකක් , එනම් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා අලුයම ඩුබායි සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරන බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළා.

nethnews

No comments

Ads Place