Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජමිතුල් උලමා මුසම්මිල්ගෙන් ගේම ඉල්ලයි.. අන්තවාදී මූලස්ථානය කීවා කියා කිපේ..

  පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් තම කනගාටුව පළ කරන බව සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව ප...


 පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් තම කනගාටුව පළ කරන බව සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද ඔවුන් සඳහන් කරයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවැති වැඩසටහනක දී දැක්වූ කරුණු සම්බන්ධයෙන් මෙම විරෝධය දක්වා තිබේ.

මන්ත්‍රීවරයා වෙත ලිපියක් මාර්ගයෙන් මෙම තොරතුරු දක්වා ඇති අතර මන්ත්‍රීවරයා තම සමාජ ජාල ගිණුම් ඔස්සේ එම ලිපිය ප්‍රකාශයට පත් කර ඇත.

අදාල වැඩසටහනේදී මන්ත‍්‍රීවරයා කියා සිටියේ මෙරට සාම්ප්‍රදායික මුස්ලිම් ජනයා මතට අරාබි සංස්කෘතිය බලාත්කාරයෙන් පොම්ප කරන්නේ ජමිතුල් උලමා සංවිධානය බවයි.

එමෙන්ම එම සංවිධානය මෙරට සිටින අන්තවාදී සියළු සංවිධාන වල එකතුවක් බව ද ඔහු චෝදනා කළේය.




No comments

Ads Place