Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීන මාවතක් ඔස්සේ සබඳතා ශක්තිමත් කිරීමට පකිස්තානු සහ ශ‍්‍රී ලංකා අගමැතිවරුන් අතර සාකච්ජා

පාකිස්තානය ‘‘චීන මාවතක් - එක් තීරයක්’’ වැඩසටහනේ කොටස්කරුවෙකු බවත් ඒ ඔස්සේ ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර වෙළෙද සබදතා තවදුරටත් ශක්තිමත් කිරීම...


පාකිස්තානය ‘‘චීන මාවතක් - එක් තීරයක්’’ වැඩසටහනේ කොටස්කරුවෙකු බවත් ඒ ඔස්සේ ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර වෙළෙද සබදතා තවදුරටත් ශක්තිමත් කිරීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡුා කළ බවත් පකිස්තාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා. ඔහු ඒ බව ප‍්‍රකාශ කළේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ පැවැති ඒකාබද්ධ මාධ්‍ය ප‍්‍රකාශයකට එක්වෙමින්.  


එහිදී අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ දෙරට අතර පවතින සබදතා මේ වන විට බොහෝ ක්ෂේත‍්‍ර දක්වා ව්‍යාප්ත වී ඇති බවයි. නමුත් ද්වීපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සදහා අප විශාල පරිශ‍්‍රමයක් දැරිය යුතු බව ද අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් සදහන් කළා. 


මේ අතර ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර ආර්ථික වශයෙන් වැදගත් ද්විපාර්ශවික ගිවිසුම් පහකට ද දෙපාර්ශවය විසින් ඊයේ අත්සන් තැබුවා.


ඒ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ පකිස්තාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හා දෙරටේ නියෝජිතයින් අතරයි. සංචාරක සහයෝගිතාව, ආයෝජන මණ්ඩල,  මෙරට කාර්මික තාක්‍ෂණ ආයතනය සහ පකිස්තාන කරච්චි විශ්ව විද්‍යාලය අතර, කොළඹ කාර්මික තාක්‍ෂණ ආයතනය සහ ඉස්ලාමාබාද් කොම්සැට්ස් විශ්ව විද්‍යාලය අතර සහ කොළඹ විශ්ව විද්‍යාලය සහ පකිස්තානයේ ලාහෝර් ආර්ථික විද්‍යාලය අතර දෙරට අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරුණා. 


දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින පකිස්තාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවීමට නියමිතයි. 

No comments

Ads Place