Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කි‍්‍රකට් නිලවරණය අද සිට උණුසුම්

 ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම අදින් අවසන් වනවා. ඒ අනුව නාමයෝජනා භාර ගැනීම අද පස්වරු 3 යි 30න් අවසන් වනු ඇති. ශී‍්‍ර...


 ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම අදින් අවසන් වනවා. ඒ අනුව නාමයෝජනා භාර ගැනීම අද පස්වරු 3 යි 30න් අවසන් වනු ඇති. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය මැයි මස 20 වැනිදා පෙරවරු 10 යි 30ට කී‍්‍රඩා අමාත්‍යාංශයේ ඩන්කන්වයිට් ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.


වසර දෙකක කාලයක් සඳහා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට නව නිලධාරීන් පත්කර ගැනීම එහිදී සිදු වනවා. කි‍්‍රකට් නිලවරණයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති, උප සභාපති ධුර 02 ක්, ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික, උප භාණ්ඩාගාරික යන ප‍්‍රධාන තනතුරු සදහා නිලධාරීන් තෝරාපත් කර ගැනීමට නියමිතයි.


මෙවර ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණයේදී කී‍්‍රඩා සමාජ, දිස්ති‍්‍රක් සහ පළාත් කී‍්‍රඩා සංගම් ඇතුලූ පාර්ශ්ව 144 ක් ඡුන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා. සභාපති ධුරය සදහා වත්මන් සභාපති ෂම්මි සිල්වා සහ රණතුංග පාර්ශවයෙන් කි‍්‍රකට් ආයතනයේ උප සභාපතිවරයෙකු වූ කේ මතිවානන් තරග වැදීමට නියමිතයි. 

No comments

Ads Place