Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංගයි – මහේලයි නාමල්ට ‘හා’ කිව්වම මම පුදුම වුණා – හරීන් කිව්ව කතාව

කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට සහාය දීමට තීරණය කිරීමත් සමඟ තමා වි...


කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට සහාය දීමට තීරණය කිරීමත් සමඟ තමා වික්ෂිප්ත වූ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි.


වෙබ් මාධ්‍යක් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර කිබුණේ සංගක්කාර සහ මහේල ජයවර්ධන යන දෙදෙනාම තමා ක්‍රීඩා ඇමතිව සිටියදී ඊට සම්බන්ධ වීමට ආරාධනා කලත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බවයි.


කෙසේ වෙතත්, සංගක්කාර සහ ජයවර්ධන යන දෙදෙනාම දැන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හා අනෙකුත් ක්‍රීඩා වැඩිදියුණු කිරීමේ උත්සාහයන්ට සම්බන්ධ වී සිටීම හේතුවෙන් ඔවුන්ට සුබ පතන බවත්, තමන් ක්‍රීඩා ඇමතිව සිටියදී ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් අධිෂ්ඨානයක් ඇතිව තමන්ගේ නිවසේ ඔවුන්ව මුණ ගැසුන බව පැවසූ හිටපු අමාත්‍යවරයා එහිදී ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බව පවසයි.


පැවති ක්‍රමවේදය පිළිබඳව ඔවුන්ට විශ්වාසයක් නොමැති හෙයින් ශ්‍රී ලංකාවේ කිසිම දෙයකට සම්බන්ධ වීමට ඔවුන්ට එම අවස්ථාවේදී අවශ්‍ය නොවූ බව සඳහන් කළ බව කී හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, සමහර විට ඔවුන් එවකට රජය එතරම් ශක්තිමත් නොමැති බවත් ඒ හෙයින් මතභේද අවශ්‍ය නොවන බවත් සිතන්නට ඇත යනුවෙනුයි.


නමුත් මේ වනවිට ක්‍රීඩා අමාත්‍යවරයාගේ පියා රටේ අගමැති වීම සහ බාප්පා රටේ ජනාධිපති වීමත් හේතුවෙන් එවන් තත්වයක් නොමැති බව සිතා මෙලෙස සහයෝගය දීමට ඔවුන් කටයුතු කරන්නට ඇති බව ඔහු අදහස් දක්වමින් පැවසීය


කෙසේ වෙතත්, තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගැන සතුටු වන බවත් මහේල සහ සංගක්කාර එය කරන්නේ දැඩි ආශාවකින් මිස පීඩනය නිසා නොවන බවත් විශ්වාස කරන බව හරීන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.

noizetv

No comments

Ads Place