Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හෙරොයින් කිලෝ 45ක් සමග හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට : යුද හමුදාවෙන් විශේෂ පැහැදිලි කිරීමක්

 අද දින උදෑසන පොලිසියට ලද තොරතුරක් මත පානදුර විශේෂ විමර්ශන පොලිස් ඒකකය විසින් හොරණ ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 45ක් ...


 අද දින උදෑසන පොලිසියට ලද තොරතුරක් මත පානදුර විශේෂ විමර්ශන පොලිස් ඒකකය විසින් හොරණ ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 45ක් සමග යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. ඔවුන් ගමන් කරමින් සිටි වාහනය ද පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.


මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නෙවිල් ප්‍රේමරත්න සඳහන් කර සිටියේ එලෙස අත්අඩංගුවට ගෙන ඇති හමුදා සාමාජිකයින් දෙදෙනා ගෙන් එක් අයෙකු මිට මාස කිහිපයකට පෙර හමුදා සේවයෙන් පැන ගොස් සිටිය අයෙකු බවත් අනෙක් සාමාජිකයා මේ වන විටත් හමුදා සේවයේ යෙදී සිටින අයෙක් බවයි.


එමෙන්ම ඔවුන් ගමන් කරමින් සිට ඇත්තේ යුද හමුදාවට කුලී පදනම මත ලබා ගන්නා වාහනයකින් බවට සිදුකළ විමර්ශන වලදී හෙළිවූ බවට හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි.


විනය ගරුක හමුදාවක් ලෙස මෙවැනි විනය කඩකිරීම් සම්බන්ධයෙන් පවතින නිතිය අනුව මෙම හමුදා සාමාජිකයින් දෙදෙනාට එරෙහිව උපරිම අයුරින් නිතිය ක්‍රියාත්මක කරන ලෙස යුද හමුදාපතිවරයා අදාළ විමර්ශන බලධාරීන්ට දැනුම් දී ඇති බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි.

No comments

Ads Place