Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු කොමිසමේ වාර්තාවේ නිර්දේශ ඇතුළත් පමණින් නඩු පැවරිය හැකිද - නීතිවේදියෙකු පහදයි

  පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම නිකුත් කළ වාර්තාවේ නිර්දේශ ඇතුළත් වූ පමණින් චෝදනා එල්ල වන පාර්ශවයන්ට නඩු පැවරිය නොහැකි...

 


පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම නිකුත් කළ වාර්තාවේ නිර්දේශ ඇතුළත් වූ පමණින් චෝදනා එල්ල වන පාර්ශවයන්ට නඩු පැවරිය නොහැකි බව නීතිවේදීන් පෙන්වා දෙනවා.


පාස්කු ප‍්‍රහාරයට අදාලව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභාව සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කළා. ඒ අනුව එම කොමිසමට ලද සාක්ෂි පදනම් කර ගනිමින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස ද එම නිර්දේශවල ඇතුළත්. 


මීට අමතරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානි සිසිර මෙන්ඩිස් සහ බස්නාහිර පළාත භාරව සිටි  හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ  යන අයට එරෙහිව ද අපරාධ චෝදනා ගොනු කරන ලෙස පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් සිය නිර්දේශ මගින්  ඉදිරිපත් කර තිබෙනවා.


කෙසේවෙතත්, නීතිපතිවරයා විසින් සටහන් කර ගන්නා ලද සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව කුමන පාර්ශවයකට එරෙහිව නඩු පැවරීමක් සිදු කරන්නේද, යන්න නීතිපතිවරයා විසින් තීරණය කරන බවයි අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා පැවසුවේ.

No comments

Ads Place