Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

යහපාලනයේ දුර්වල ආර්ථික කළමනාකරණය හා කොවිඩ් 19 බලපෑම හේතුවෙන් රටේ ආර්ථිකය අවධානම් මට්ටමකට පැමිණෙමින් තිබෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි. රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ පසුගියදා වැලිවේරිය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, “අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාර ගනු ලැබුයේ යහපාලන රජය විසින් සෘණ බවට පත් කල ආර්ථිකයක්. ඒ සමගම ඇතිවූ කොවිඩ් බලපෑම දැන් අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ අපි මුහුණ දෙමින් සිටිනවා. මේ නිසා රටේ ප්‍රධාන ආදායම් මාර්ගයන්ගෙන් කළ ඉපැයීම් විශාල ලෙස පහත වැටී තිබෙනවා. අපගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ සංචාරක කර්මානත්ය දැඩි ලෙස බිද වැටුනා. ඉන් සෘජු හා වක්‍රව යැපුණු ලක්ෂ 30 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. දෙවැන්න රට විරුවන් එවන ප්‍රේශන. ලෝකය පුරා පැතිර තිබෙන කොවිඩ් 19 හේතුවෙන් අපේ ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකගේ රැකියා අහිමිව හා අවධානමට ලක්වීම නිසා අපට ලැබෙන විදේශ ප්‍රේශන අඩු වී තිබෙනවා. තෙවැන්න අපනයන ආදායම. එය යම්තාක් දුරට ඉහළ මට්ටමක පවත්වාගන යාමට හැකිවුවද එය රටේ පවතින මූල්‍ය අවශ්‍යතාවයෙන් ඉටු කරනුයේ ඉතාමත් සුළු ප්‍රමාණයකි. මේ අවස්ථාවන් තුනම අහිමි වී තිබෙන අවස්ථාවක අපට තිබෙන අනෙක් අවස්ථාවනම් ආයෝජනයයි. ආයෝජනයේ සරල ව්‍යවහාරය නම් ව්‍යාපාරයයි. ලංකාවේ ව්‍යාපාර කරන සියලු දෙනා එයින් ආදායම් උපයන්නේ කෙසේද? එය පවත්වාගෙන යන්නේ කෙසේද? එය තවදුරටත් පුළුල් කර ගන්නේ කෙසේද? එයට හවුල්කරුවකු සම්බන්ධ කර ගන්නේ කෙසේද? යන්න පිළිබදව හොඳ අවබෝධයක් තිබෙනවා. හැබැයි ඒ කටයුත්ත විශාල ප්‍රාග්ධන අවශ්‍යතාවයක් වෙනුවෙන් රජය විසින් දේශීය හෝ විදේශීය හවුල්කරුවකු සමග සම්බන්ධ වී ක්‍රියාත්මක කිරීමට යාමේදී එය දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස පෙන්වා දීමට කටයුතු කරන සුළු පිරිසක් නිසා රට තවදුරටත් ආර්ථිකමය පිරිහීමකට ලක්ව තිබෙනවා. රටේ ආයෝජනයන්ට විරුද්ධව එය නතර කිරීමට උත්සහ දරන පාර්ශවයන් රටේ පවතින ආර්ථිකය ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිදු අදහසක් අදටත් ඉදිරිපත් නොකරන අතර එලෙස කළ හැකි වෙනත් ක්‍රමයක් පවතී නම් එය ඉදිරිපත් කරන ලෙස ඔවුනට අභියෝග කරනවා. ව්‍යාපාරයක් පිළිබදව පෙට්ටි කඩයක් කරන අහිංසක අම්මා කෙනෙකුට වුවද තේරෙනවා. හැබැයි එය නෝතේරෙන සුළු පිරිසක් හේතුවෙන් ඇති හැකි අය කෙසේ වෙතත් නැති බැරි බහුතර ජනතාවක් අද දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. රටේ ආර්ථිකය ගොඩ නගා ජනතාවගගේ දුක් ගින්දර සමනය කළ යුතුයි. අපේ අරමුණ රටත් ජනතාවත් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම” බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය. – මාධ්‍ය ඒකකය

පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) පෙරවරුවේ දී නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී කොවිඩ් ‘" ඇස්ට්‍රාසෙනිකා"...


පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) පෙරවරුවේ දී නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී කොවිඩ් ‘" ඇස්ට්‍රාසෙනිකා" එන්නත ලබාගෙන තිබෙනවා. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ද එක්ව සිටිය බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදනය අංශය සඳහන් කළේ.


ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද පෙරවරුවේ කථානායක නිල නිවසට ගොස් ‍එතුමා සමග යුධ හමුදා රෝහල වෙත ගොස් ඇත.


කොවිඩ් වසංගතය මර්ධනය කිරිම පිණිස ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලංකාවට ලැබී දැනට එන්නත්කරණය සිදු කෙරෙමින් පවතින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමට ජනතාව දිරිමත් කිරීම උදෙසා කථානායකවරයා මෙලෙස එන්නත ලබා‍ ගෙන ඇත.


මෙම එන්නත ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට සිය ස්තුතිය පල කළ කථානායකවරයා ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද  ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග දිර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබුවා.


අද දින මධ්‍යහන 12 වන විට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේ.




No comments

Ads Place