Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විශාඛා විදුහල්පතිනිය පත්වීම් ලිපිය දමාගසා ගුරුවරයෙකු පන්නා දමයි.. ගුරුවරයා පොලිසි යයි..

  කොළඹ විශාඛා විද්‍යාලයේ උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය ඉගැන්වීම සඳහා පත් කර එවන ලද ගුරුවරයෙකු එම විදුහලට නුසුදුසු බව කියමින් විදුහල්පතින...

 


කොළඹ විශාඛා විද්‍යාලයේ උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය ඉගැන්වීම සඳහා පත් කර එවන ලද ගුරුවරයෙකු එම විදුහලට නුසුදුසු බව කියමින් විදුහල්පතිනිය විසින් පත්වීම බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

එම ගුරුවරයා සඳහන් කරන්නේ තම පත්වීමේ ලිපිය බුලත් හුරුල්ලක් සමග ඉකුත් 4 වෙනිදා විදුහල්පතිනියට බාරදුන් පසු ලිපිය තමන් වෙත ආපසු දමා ගැසූ බවයි.

තමන් විදුහලේ ආරක්ෂකයන් යොදවා පාසලෙන් ඉවත් කිරීමටද විදුහල්පතිනිය කටයුතු කළ බව පවසන ඔහු සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කල බවත් කියයි.

ඒ පිළිබඳව බම්බලපිටිය පොලිසියටද පැමිණිලි කර ඇත.

කෙසේ නමුත් විශාඛා විදුහලේ විදුහල්පතිනිය සඳහන් කරන්නේ උසස් පෙළ සිංහල විෂය සඳහා මෙතෙක් පිරිමි ගුරුවරු එම පාසලට පැමිණ නැති බවත් එම විෂය ඉගැන්වීම සඳහා තරම් පෞරුෂයක් පත් කරන එවන ලද ගුරුවරයාට නැති බවත්ය.

No comments

Ads Place