Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හෝටල් නිරෝධායනයේදී ගසාකන කල්ලියක්..- හමුදාපති කියයි..

  විදේශ රටවල සිට මෙරටට පැමිණෙන අය නිරෝධායනය සඳහා හෝටල් වලට යොමු කරන අවස්ථාවල සමහර පුද්ගලයන් අයථා ලෙස මුදල් ලබාගෙන ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර ස...

 


විදේශ රටවල සිට මෙරටට පැමිණෙන අය නිරෝධායනය සඳහා හෝටල් වලට යොමු කරන අවස්ථාවල සමහර පුද්ගලයන් අයථා ලෙස මුදල් ලබාගෙන ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ නිසා එවන් තෙවන පාර්ශ්වයකට අයථා ලෙස මුදල් ලබා ගැනීමට ඉඩ නොදෙන ලෙස තමා නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධ හෝටල් හිමිකරුවන්ට දැනුම් දුන් බව ද ඔහු පැවසීය.

මේ ආකාරයේ වංචනික කටයුතු සිදුවීමට ඇති ඉඩකඩ සම්පූර්ණම අහුරා ඇතැයිද කී හමුදාපතිවරයා එවන් කටයුතු සිදු වන්නේ නම් වහාම යුද හමුදාවට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නිරෝධායන ක්‍රියාවලිය ඉහල ප්‍රමිතියක් හා විශ්වාසනීයත්වයකින් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා යුද හමුදාව කැපවී සිටින හෙයින් යුධ හමුදා ප්‍රතිරූපයට හානි වීමට කිසිවිටක ඉඩ නොතබන බවද කියා සිටියේය.

No comments

Ads Place