Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංචාරකයින්ට වැසුනු විල්පත්තුව ගවයින්ගේ නිජ භූමියක් වෙයි…

  ප්‍රෞරාණික මෙන්ම ‍ඵෛතිහාසික වැදගත්කමකින් සමන්විත විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු ආසියාවේ පිහිටා ඇති විශාලතම ජාතික වනෝද්‍යානය ලෙස හැදින්...


 ප්‍රෞරාණික මෙන්ම ‍ඵෛතිහාසික වැදගත්කමකින් සමන්විත විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු ආසියාවේ පිහිටා ඇති විශාලතම ජාතික වනෝද්‍යානය ලෙස හැදින්වේ.

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය නොඅඩුව ලැබෙන මෙම ජාතික වනෝද්‍යානය සදහා පිවිසුම් මාර්ග දෙකක් ස්ථාපිත කර තිබේ. ඉන් එක් පිවිසුම් මාර්ගයක් එළුවන්කුලම කලා ඔය සපත්තු පාලම මතින් ජාතික වනෝද්‍යානයට ප්‍රවිශිඨ වීමට ඇති අතර, අනෙක් පිවිසුම් දොරටුව ස්ථාපිත කර ඇත්තේ පුත්තලම සිට අනුරාධපුර මාර්ගයේ කිලෝ මීටර් 80ට ආසන්න දුරකින් පිහිටා අති නොච්චියාගම ප්‍රදේශයෙනි.

කටුනායක ගුවන්තොටුපලට පැමිණෙන බහුතරයක් සංචාරකයින්  කල්පිටියට අර්ධද්වීපයේ සංචාරයට එක්වීමෙන් අනතුරුව විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා කෙටි මාර්ග පිවිසුම ලෙස නිරන්තරයෙන් තෝරා ගනු ලබන්නේ එළුවන්කුලම පිවිසුමයි.

මන්ද ඔවුන්ට කෙටි කාලයක් තුල විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසීමට හැකියාව පැවතීම නිසාවෙනි. ඒ අනුව පසු ගිය වර්ෂයන් වලදී සංචාරක ආකර්ෂණය මෙන්ම සංචාරකයින්ගේ පැමිණීමේ ඉහළ අගයක් වාර්තාවූයේ මෙම පිවිසුම හරහා වනෝද්‍යානයට ඇතුළු පිරිස අනුවය.

නමුත් දැනට වසරක් වැනි කෙටි කාලයක සිට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට එළුවන්කුලම පිවිසුමෙන් විල්පත්තුවට ඇතුළු වීමට නොහැකිව තිබේ.

එයට බලපා ඇති ප්‍රධාන හේතුව වන්නේ කලා ඔය සපත්තු පාලම දැඩි ලෙස අබලන් තත්ත්වයේ පැවතීම නිසාවෙන් සෆාරි ජීප් රථ ගමනා ගමනයට බාධා එල්ල වීමත් සමගය.

පසු ගිය වසර පහකට ආසන්න කාලයක සිට පුත්තලම පරණ මන්නාරම් මාර්ගය භාවිතා කරමින් දිනකට බස් රථ 5ට ආසන්න ප්‍රමාණයක් ගමන් වාර දෙකක් පමණ මෙම පාලම මතින් ධාවනයේ යෙදවීමත්, අධික බර පැටවූ ලොරි රථ ඇතුළු වාහන ගමනා ගමනය හේතුවෙන් පාලම ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබේ.

මේ හේතුව නිසාවෙන් අද වන විට සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වීමත්, සමග ප්‍රදේශයේ සෆාරි ජීප් රථ හිමියන් ඇතුළු සංචාරක කර්මාන්තය ආශ්‍රිතව වක්‍රව මුදල් උත්පාදනය කල 1500ට ආසන්න පිරිසකට රැකියා අහිමිව ගොස් හමාරය.

වෙනත් දිනවල කල්පිටියට පැමිණෙන විදේශිය සංචාරකයින් ඩොල්පින්, සහ තල්මසුන් නැරඹීමෙන් පසු කල්පිටියේ සිට බෝට්ටු සෆාරියක් ඔස්සේ ගගේවාඩියට පැමිණ විල්පත්තුව බලා යාම සදහා එළුවන්කුලම පිවිසුම් දොරටුවට පැමිණියද අද වන විට පාලම ගිලා බැසීම හේතුවෙන් සංචාරකයින්ට එසේ විල්පත්තුවට ඇතුළුවීමට නොහැකිව යාම නිසාවෙන් සංචාරකයින්ට ආපසු විශාල මුදලක්  අධික දුරක් ගෙවා නොච්චියාගම පිවිසුමට ලගා වීමට සිදුව තිබීම හේතුවෙන් සංචාරකයින් දැඩි අසීරුතාවයට ලක්ව සිටිති.

අදාල සංචාරකයින් එළුවන්කුලම පිවිසුම් දොරටුවෙන් ජාතික වනෝද්‍යානයට රැගෙන යාම සදහා සංචාරකයින්ගෙන් 5000ක් වැනි මුදලක් අය කලද නොච්චියාගම පිවිසුම හරහා උද්‍යානය නැරඹීමට ප්‍රවේශ වීමේදී එම මුදල මෙන් තුන් ගුණයක් අය කර ගැනීමට සිදුව තිබීම වැනි කරුණු පදනම් කරගෙන සංචාරකයින්ගේ පැමිණිම සම්පූර්ණයෙන් ඇනහිට ඇති බව කියයි.

මේ හේතුව නිසාවෙන් එළුවන්කුලම පිවිසුමේ සෆාරි ජීප් රථ 15ට ආසන්න ප්‍රමාණයක් ඇතුළුව ප්‍රදේශයේ සංචාරක නවාතැන් 15ක් පමණ මේ වන විට සම්පූර්ණයෙන් වසා දැමීමට සිදුව ඇත්තේ අදාල පාලම ප්‍රතිසංස්කරණය නොකර තිබීම නිසාවෙනි.

රටට මුදල් ගලා එන සංචාරක කර්මාන්තය නගා සිටවීමට කටයුතු කල යුතු අවධියක සංචාරකයින් තව දුරටත් මෙලෙස අපහසුතාවට පත්වන්නේ නම් නුදුරේදී විල්පත්තුවට කිසිදු සංචාරකයෙකු නොපැමිණෙන පෙර නිමිත්තක් දක්නට ලැබෙමින් තිබේ.

තවද සෆාරි ජීප් රථ හිමියන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ කිසිදු අවස්ථාවක විල්පත්තුව ජාතික වනෝද්‍යානය ඔස්සේ මන්නාරම දක්වා ගමන් කිරීමට බස් රථ හෝ වෙනත් වාහන වලට යාමට නොහැකි ආකාරයෙන් සෆාරි ජීප් රථ ඇතුළු රජයේ වාහන වලට පමණක් උද්‍යානයට ඇතුළු වීමට එළුවන්කුලම කලා ඔය යා කරමින් පටු පාලමක් ඉදිකර කඩා වැටී ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමට කටයුතු කර දෙන ලෙසය.

බහුතරයක් සංචාරකයින් එළුවන්කුලම පිවිසුම උපයෝගි කර ගනිමින් උද්‍යානයට පිවිසීමට බලපා ඇති ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ ඒ ගමන් මාර්ගය ඔස්සේ අලි, ඇතුන්, වළසුන්, දිවියන් ඇතුළු දෙස් විදෙස් පක්ෂීන් නැරඹීට හැකි ඉඩ ප්‍රස්ථාව ඉහළ අගයක් ගන්නා නිසාවෙනි.

සංචාරකයින් දැනට වසරක පමණ කාලයක සිට  මෙකී මාර්ගය භාවිතා නොකර තිබීම නිසාවෙන් සෆාරි ජීප් රථ ගමනා ගමනය සම්පූර්ණයෙන් නැවතීම නිසාවෙන් අද වන විට ප්‍රදේශවාසීන්ගේ ගවයින් විශාල රංචු විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ අයාලේ සැරි සරන ආකාරයක් දක්නට ලැබේ. එසේ අයාලේ සැරිසරන ගවයින් වනෝද්‍යානයේ වන සතුන්ට මහත් පීඩාකාරි අකාරයෙන් නවාතැන් ගැනීම වැනි හේතුන් නිසාවෙන් වන සතුන් එම ප්‍රදේශවලින් වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීමේ ප්‍රවණතාවයක් ඉන් දක්නට ලැබෙන බවත්, ඒ හේතුව නිසාවෙන් නුදුරේදී මෙම පිවිසුම ඔස්සේ විල්පත්තුවට ඇතුළුවන සංචාරකයින්ට කිසිදු ආකාරයකින් වන සතුන් දැක බලා ගැනීමට නොහැකිව යාමක් දක්නට ලැබෙන බව කියයි.

තවද මේ දිනවල ගවයින් අතරේ පැතිර යන කුර රෝගය වනෝද්‍යානයේ කුර සහිත සතුන් අතරද බෝවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන අතර, එසේ කුර රෝගයට ගොදුරවන සතුන් ලෙස මුවන්, ගෝනුන්, මී මින්නන්, වල් ඌරන්, වැනි සතුන් අවධානම් තත්ත්වයකට ලක්ව ඇති බව කියයි.

මෙසේ අයාලයේ යන ගවයින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඇතුළු වුයේ වන ජීවි නිළධාරින් නොදැණුවත් දැයි ප්‍රශ්ණාර්ථයක්ව තිබේ. එසේ අයාලයේ හැර ඇති ගව ගාල් හිමියන්ට විරුද්ධව වන ජීවි නිළධාරින් කටයුතු නොකරන්නේ නම් නුදුරේදී වැසුනු විල්පත්තුවේ සතුන්ද නොදැණුවත්වම මරණයට නතු වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව කියයි.

තවද මෙම සෆාරි ජීප් රථ හිමියන් උද්‍යානය තුළ නිතර ගමනාන්තයේ යෙදීම හේතුවෙන් ඉකුත් වර්ෂයන් වලදී සතුන් දඩයම සම්පූර්ණයෙන්ම නැවතී තිබුණද වසරක් වැනි කෙටි කාලයක් තුල නැවතත් දඩයක් කරුවන්ගේ රජ දහනක් බවට උද්‍යානය නතුව ඇති බවට සෆාරි ජීප් රථ හිමියන් චෝදනා කරති.

lankacnews

No comments

Ads Place