Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආසාදිත කොවිඩ් රෝගියා සොයාගත් මෙහෙයුම (දර්ශන සහිතයි)

  පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා ඇහැලියගොඩ, පැල්පිටිය ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ. එම පුද්ගලයා පදිංචි නිවස ආසන්න...

 


පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා ඇහැලියගොඩ, පැල්පිටිය ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.


එම පුද්ගලයා පදිංචි නිවස ආසන්නයේ සිටිය දී අද (20) උදෑසන 8.30ට පමණ ඇහැලියගොඩ පොලිස් නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.


“අද දෙරණ“ වාර්තාකරු පවසා සිටියේ, ආසාදිත පුද්ගලයා කැටයක් කඩා ඉන් මුදල් රැගෙන වෙනත් ස්ථානයකට යෑමට බලාපොරොත්තුවෙන් සිට ඇති බවය.


ඔහු සිටින ස්ථානයේ සුදුපැහැදි බෑගලය දමා එම මුදල් ද සමග පොලීස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර වෙත යොමුකිරීමට කටයුතු කර තිබේ.


රෝගියා වාලච්චේන සිට ඇහැලියගොඩ දක්වා පැමිණි ආකාරය සඳහා පිළිබඳ මේ වන විට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.


පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි 43 හැවිරිදි ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා ඊයේ (19) රාත්‍රී 7.30ට පමණ පළාගොස් තිබිණි.


ඔහු කොළොන්නාව, මීතොටමුල්ල, විහාර මාවතේ බේකරියක සේවය කළ අයෙක් බවත් දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිට ඇති බවත් පොලීසිය සඳහන් කළේය.


adaderananews

No comments

Ads Place