Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුතුරාජවෙල පරිසර පද්ධති වනසන්න ඉඩ දෙන්නේ නෑ – අගමැති කියයි

  මුතුරාජවෙල පාරිසරික පද්ධතිය වැනසීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවයි. යහපාලන ආණ්ඩුව සමයේ මුතුරාජවෙල එජාප දේශපාලන හිතව...

 


මුතුරාජවෙල පාරිසරික පද්ධතිය වැනසීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවයි.


යහපාලන ආණ්ඩුව සමයේ මුතුරාජවෙල එජාප දේශපාලන හිතවතුන්ට බෙදා දී ඇති බව දැන ගැනීමට ලැබුණු බවත් කෙසේ වෙතත් දැනට මුතුරාජවෙල පිළිබඳව පරිසර ඇමැතිවරයා පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් අගමැතිවරයා අවධාරණය කරයි.


තමා දන්නා තරමට වත්මන් ආණ්ඩුව බලයට පත්වී සුළු කාලයක් ඇතුළත මුතුරාජවෙල සුන්දරත්වය නැති කිරීමට පියවරක් ගෙන නැති බව ද අගමැතිවරයා පැවසීය.


මුතුරාජවෙල රැක ගැනීම සඳහා ආණ්ඩුව ක‍්‍රියාකරන බවත් මුතුරාජවෙල පරිසරය රැක ගැනීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් හෙතෙම සඳහන් කරයි.


දිවයින පුවත්පතට අදහස් දක්වමින් අග්‍රාමාතළුරයා මේ බව පවසා තිබේ.

noizetv

No comments

Ads Place