Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රුපියලේ අගය ස්ථාවර කරන්න ඩොලර් හුවමාරුවක්

 චීනයෙන් සහ ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක විනිමය හුවමාරු පහසුකමක් (swap arrangement ) ලබා ගැනීමට සැලසුම් කර ඇති බවත් එය ඉතා ඉක්මන...


 චීනයෙන් සහ ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක විනිමය හුවමාරු පහසුකමක් (swap arrangement ) ලබා ගැනීමට සැලසුම් කර ඇති බවත් එය ඉතා ඉක්මනින් ලබාගත හැකි වනු ඇති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඊයේ (03දා) පවසා තිබෙනවා .


විදේශ සංචිත මට්ටම ශක්තිමත් කර ගැනීම මේ විනිමය හුවමාරු පහසුකම ලබා ගැනීමේ අරමුණ බවද මේ ගැන දැනටමත් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති අතර එම රටවල්වලින් මීට අදාළ ප‍්‍රතිචාරය අපේක්ෂාවෙන් සිටින බවද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කොට තිබෙනවා.


මේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක විනිමය හුවමාරු පහසුකම ඉන්දියානු රිසව් බැංකුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන එකක් සහ චීන මධ්‍යම බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් වශයෙන් ලබා ගැනීමට නියමිතය. මෙමගින් විදේශ සංචිත මට්ටම වර්ධනය කරගෙන ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර කර ගැනීමට අපේක්ෂා කෙරේ. මෙය විදේශ වාණිජ ණය මුදල් ලබා ගැනීමට වඩා ආර්ථිකමය වශයෙන් රටට වාසිදායක වනු ඇත.


මේ විනිමය හුවමාරු පහසුකමේදී සිදු වන්නේ වෙනස් මුදල් ඒකකවලින් දෙපාර්ශ්වයක් අතර සමාන වටිනාකමක මුදල් ප‍්‍රමාණයක් පසුව නැවත පියවා ගැනීමේ එක`ගතාව මත හුවමාරු කර ගැනීමයි.


පසුගිය දිනවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස පිරිහීමට ලක් වූ අතර එම තත්ත්වය සමනය කර ගැනීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව මැදිහත් විය. මේ තත්ත්වය හමුවේ පවතින විදේශ සංචිත මට්ටමට බලපෑම් වන අතර මෙවැනි විනිමය හුවමාරු පහසුකමක් මගින් රටේ සංචිත තත්ත්වය වර්ධනය කරගෙන රුපියලේ අගය ස්ථාවර කර ගැනීමට හැකියාව ලැබේ.

noizetv

No comments

Ads Place