Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විවාහයට පෙර ලිංගිකව එක්වීමට මිනිසෙකු කුලියට ගන්නා මලවි රටේ අරුම පුදුම ලිංගික චාරිත්‍ර

මලාවි රටෙි දෙමවුපියන් තම දියණියන්ගේ විවාහයට පෙර ඔවුන් හා ලිංගිකව එක්වීම සදහා මිනිසෙකු කුළියට ගනි මලාවි රාඡ්‍යය තුළ ඇතැම් පිරිමි පුද්ගලයන් හඳ...


මලාවි රටෙි දෙමවුපියන් තම දියණියන්ගේ විවාහයට පෙර ඔවුන් හා ලිංගිකව එක්වීම සදහා මිනිසෙකු කුළියට ගනි


මලාවි රාඡ්‍යය තුළ ඇතැම් පිරිමි පුද්ගලයන් හඳුන්වන්නේ හයිනා යනුවෙනි. මක්නිසාද ලිංගික ක්‍රියාව සදහා යොදාගන්නා මිනිසාට ඔවුන් අමතන්නේ හයිනා යනුවෙනි. මෙි අශිලාචාර සහ අයහපත් ක්‍රියාව පළමුවරට ලෝකයට හෙලිකලේ 2016 BBC වාර්තා වැඩ සටහනක් මගිනි. එහෙත් තවමත් එකී සංස්කෘතිය මැඩ පැවැත්වීමට මලාවි රාඡ්‍ය නීති සම්පාදනය කර නොමැත.


ලොව අතිශය දුප්පත් රාඡ්‍ය 10 අතර මලාවි සිටී. ජනගහනයෙන් 10% ක එච්.අයි.වී. බව 2012 දී එක්සත් ජාතීන්ගේ සමීක්ෂණයකින් හෙළි කරයි. මලාවි හි ගැහැනු ළමයින්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් වයස අවුරුදු 18 ට පෙර විවාහ වී ඇත.එමෙන්ම ලොව ඉහළම ළමා විවාහ අනුපාතයක් ඇති රටකි.


හයිනා යනුවෙන් මලාවි ඡාතිකයන් හදුන්වන්නේ “ලිංගික පවිත්‍ර කිරීමකි‘‘ එය වැඩිවියට පත් දියණියකගේ පළමු ඔසප්වීම සිදුවූ දින සිට පුරා දින 3 ක ක්‍රියාවලියකි. ඒ සදහා ඔවුහු හයිනා යනුවෙන් හදුන්වන මිනිසා කුලියට ගනී.. තම දියණියට මෙි මිනිසා සමග ලිංගිකව හැසිරීමට දෙම්ව්පියන් බල කරති


එම පුද්ගලයා විසින් දින 3 ක් පුරා තමා සමග ලිංගිකව එක්වෙන යුවතියට අනාගත සැමියාව සතුටින් තැබිය හැක්කේ කෙසේදැයි ලිංගිකව උගන්වයි. ඒ සදහා ඔහුට ඩොලර් 7 ක වැටුපක් ගෙවිය යුතුය.


තම ස්වාමිපුරුෂයා මියගිය පසු වැන්දඹුවද මෙම චාරිත්‍රය ඉටු කොට පවිත්‍ර විය යුතුය. ඒ සදහා ඇයට හයිනාවෙක් නැති වුවද මිය ගිය සැමියාගේ ඔනෑම ඥාතියෙකු සමග ලිංගිකව එක්විය හැකිය.මේ ලිංගික එක්වීම සිදුකල යුත්තේ ස්වාමියාගේ දේහය මිහිදන් කිරීමට පෙර නිවස ඇතුලේ තිබියදීමය.


එසේ ලිංගිකව පවිත්‍ර වීම ප්‍රතික්ෂේප කරන වැන්දඹුව ගම්වැසියන් විසින් පහර කෑමට ලක්වන අතර එමගින් කාන්තාවගේ දරුවන්ටද හානි සිදුවිය හැකිය. සාමාන්‍යයෙන්, ලිංගික ඇසුරෙන් පසු, වැන්දඹුව ඇගේ ඇඳුම් පුළුස්සා දමයි. ඇය සමග ලිංගිකව හැසිරුණ පුරුෂයා වැන්දඹුවගේ කොණ්ඩය කපයි. බොහෝ විට එවිට මෙි තුලින් වැන්දඹුව දැන් පවිත්‍ර වී ඇති බව අසල්වැසියාට දැකගත හැකිය.


උත්සවය අවසානයේ කුකුළෙකු ඝාතණය කරනු ලබන අතර එය සාමාන්‍යයෙන් දින තුනක් සිට හතක් දක්වා පවතී. කෙන්යාවේ වැන්දඹු පවිත්‍ර කිරීම 2015 ගෘහස්ථ අපරාධ පනත් කෙටුම්පතකින් තහනම් කලද මාලාවිහි එය තවමත් පවතී. වඩාත් කම්පනයට කරුණක් නම්, මෙම නව යොවුන් වියේ පසුවන ගැහැනු ළමයින්, ඔවුන්ගේ පළමු ඔසප් වීමෙන් පසු, දින තුනක කාලයක් තුළ ලිංගිකව හැසිරීමට සලස්වා ඇති අතර, ඔවුන්ගේ ළමා කාලය සිට ක්ෂණිකවම ස්ත්‍රීත්වය දක්වා ගමන් කිරීම සනිටුහන් කිරීමය.


ගැහැනු ළමයින් එය ප්‍රතික්ෂේප කළහොත්, ඔවුන්ගේ පවුල්වලට හෝ සමස්තයක් වශයෙන් ගමට සිදුවිය හැකි රෝගයක් හෝ යම් මාරාන්තික අවාසනාවක් සිදුවිය හැකි බව විශ්වාස කෙරේ. 2016 යම් දිනෙක BBCය මෙය වාර්තා වැඩසටහනක් ලෙස ලෝකයට ඉදිරිපත් කලේය.


එහි හයිනා ලෙස සිටි මිනිසා මෙසේ කියයි. ‘”මම නිදාගෙන ඇති බොහෝ දෙනා ගැහැණු ළමයින්, පාසැල් යන ගැහැණු ළමයින්. සමහර ගැහැනු ළමයින්ට වයස අවුරුදු 12 ක් හෝ 13 ක් පමණයි. නමුත් මම ඔවුන්ට වඩා වයසින් වැඩියි. මේ ගැහැනු ළමයින් සියල්ලෝම මාව ඔවුන්ගේ හයිනා ලෙස තබාගැනීමෙන් සතුටක් ලබති.‘‘ ඔහු ගැහැනු ළමයින් 104 දෙනෙකු සමඟ නිදාගෙන ඇති බව කියා සිටියි.


මලාවිහි සෑම දිස්ත්‍රික්කයකම මෙවැනි හයිනාවන් සිටින බවත් සිය ප්‍රදේශයේ සිටින හයිනාවන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් ඔහු බවත් මිනිසා පවසයි. සෑම වසරකම නව යොවුන් දැරියන් කඳවුරුවලට සංවිධානය කිරීම, භාර්යාවන් වශයෙන් ඔවුන්ගේ යුතුකම් සහ පුරුෂයෙකු ලිංගිකව සතුටු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ට ඉගැන්වීම ඔවුන්ගේ කාර්යයකි.


හයිනා සමඟ ඇති “ලිංගික පිරිසිදු කිරීම” මෙම ක්‍රියාවලියේ අවසාන අදියර වන අතර එය දැරියගේ දෙමාපියන් විසින් ස්වේච්ඡාවෙන් සංවිධානය කරනු ලැබේ. හයිනාගේ රාජකාරි අනුව, එච්.අයි.වී පැතිරවීමෙි විශාල අවදානමක් ඇති බව ඉතා පැහැදිලිය. එක්සත් ජාතීන්ගේ තක්සේරුව අනුව මලාවියානු ජාතිකයින් සෑම 10 දෙකෙුගෙන් එක් අයෙක් HIV ආසාදිතයන්ය.


බීබීසී වාර්තාකරුවන් ඔවුන් සම්මුඛ සාකච්ඡාව කල හයිනාට ඒ ගැන කියයි. එවිට ඔහු ‘‘මමත් ‘‘ යනුවෙන් පවසයි. එනම් ඔහු අර සියලු ගැහැණු දරුවන් සමග එක්වී ඇත්තේ HIV ආසාදිතයෙකුව සිටියදීමය. 2016 මෙම බීබීසී වාර්තා වැඩ සටහනින් හදුන්වා දුන් හයිනාව මලාවි ජනාධිපති පීටර් මුතාරිකාගේ නියෝගය මත ජූලි 26 වන දින අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුගේ නම එරික් අනීවාය.


උපුටා ගැනීමකි

noizetv

No comments

Ads Place