Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අසාර්ථක වූ කුසල්ට එංගලන්ත ටෙස්ට් තරගාවලියටත් කැඳවයිද ? - දිමුත් කතා කරයි

 දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරයේදී ආසර්ථක වූ කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකාරීත්වය සහ තේරීම් කමිටුව සමග සාකච්ඡා කර ඉදිරියේදී...


 දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරයේදී ආසර්ථක වූ කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකාරීත්වය සහ තේරීම් කමිටුව සමග සාකච්ඡා කර ඉදිරියේදී තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසනවා.


දකුණු අප්‍රිකානු  කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 10 කින් ඊයේ පරාජයට පත් වුණා. ඒ අනුව තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය 2 බින්දුවක් ලෙස ජය ගත්තේ දකුණු අප්‍රිකානු  කණ්ඩායමයි.


කුසල් මෙන්ඩිස් මෙම තරගාවලියේ ඉනිම් 3 කදීම පිට පිටම ලකුණු නොලබා දැවී ගිය අතර ඒ පිළිබදව බොහෝදෙනාගේ දෝෂ දර්ශනයට ලක් වුණා. කුසල් මෙන්ඩිස්ට එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී විවේකයක් ලබාදෙන්නේ ද, නැතහොත් ශ්‍රී ලංකා සංචිතය තුළ තවදුරටත් රදවා ගන්නේද යන්න ඉදිරියේදී තීරණය කරන බවයි, තරගයෙන් අනතුරුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය අමතමින් නායක දිමුත් කරුණාරත්න පැවසුවේ.


මේ අතර, එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් කි‍‍්‍රකට් තරගාවලිය සදහා රොෂේන් සිල්වා සහ අෂාන් ප‍‍්‍රියන්ජන් කැදවීමට කි‍‍්‍රකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. 


දකුණු අප්‍රිකාව  සහ එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා කී‍‍්‍රඩකයින් 22 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ඉකුත්දා නම් කළ අතර රොෂේන් සිල්වා සහ අෂාන් ප්‍රියංජන් එම සංචිතයට ඇතුළත්ව සිටියේ නැහැ. 


ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ආබාධවලට ලක්වීම සහ මැදපෙළ පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් මෙම ක්‍රීඩකයන් දෙදෙනා කැඳවීමටයි ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ. 


මේ අතර දිවයිනට පැමිණ සිටින එංගලන්ත කණ්ඩායම හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍‍්‍රඩාංගණයේදී අද සිය පළමු පුුහුණු සැසියට එක්වනවා.


ශ‍‍්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර එම තරග දෙකම ගාල්ල ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි. දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 14 වනදාත් දෙවන ටෙස්ට් තරගය මේ මස 22 වනදාත් ආරම්භ වනවා.

No comments

Ads Place