Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අමු මිරිස් 950යි.. එළවළු ගිණි ගණන්..

  හැටන් නගරයේ අමු මිරිස් හා එලවලු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට හැටන් නගරයේ අමු මිරි...


 හැටන් නගරයේ අමු මිරිස් හා එලවලු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට හැටන් නගරයේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 900/=ත් 950/=ත් අතර මිලකට අලෙවි වන බවත් කැරට්, බිට්, බෝංචි, මෑකරල්, නෝකල්, වට්ටක්කා, පතෝල වැනි එලවලු ක්‍රිලෝව රුපියල් 240/=ත් 280/=ත් අතර මිලකටද ලික්ස්, ගෝවා, රාබු, තක්කාලි, වැනි එලවලු ක්‍රිලෝව රුපියල් 120/=ත් 150/=ත් අතර මිලකට අලෙවි වන බවද ප්‍රදේශයේ ජනතාව පවසති.

එයට අමතරව මාලු මිරිස් ක්‍රිලෝව රුපියල් 380/=ත් 420/=ත් අතර මිලකටද මල් ගෝවා ක්‍රිලෝව රුපියල් 550/=ත් 600/=ත් අතර මිලකටද අලෙවි වන බවත් මෙම තත්වයන් මත තමන්ට එලවලු කැමට ගැනිම අසිරු තත්වයක පවතින බවද එම ජනතාව පවසති.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් නගරයේ එලවලු වෙලදුන් පවසනුයේ පසු ගිය දිනවල පැවති වැසි තත්වයන් හේතුවෙන් බොහෝ එලවලු වගාවන් විනාශ විමත් සමග එලවලු තොග මිලද දැඩි ලෙස ඉහල ගොස් ඇති තත්වයන් මත එලවලු මිල මෙසේ ඉහල ගොස් ඇති බවත්ය.

එලවලු මිල මෙසේ ඉහල යාමත් සමග එලවලු අලෙවියද පහල බැස ඇති බවත් එම තත්වයන් මත පාරිභෝගිකයන් මෙන්ම තමන්ද විවිධ දුස්කරතාවයන්ට පත්ව ඇති බවද එම එලවලු වෙලදුන් වැඩි දුරටත් පවසන ලදි.

No comments

Ads Place