Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශ පැතිරූ පුද්ගලයාගේ ගිණුමේ රුපියල් මිලියන 62ක සංසරණය වී ඇතැයි හෙළිවේ - සැකකරු CIDයට භාර දෙන්නැයි අධිකරණයෙන් උපදෙස්

  ෆේස් බුක් සමාජ මාධ්‍ය  ඔස්සේ ජාතීන් අතර වෛරී හැගීම් ඇති කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනාවට අත් අඩංගුවට ගත් ෆසාල් මොහොමඩ් නිසාර් නමැත...

 


ෆේස් බුක් සමාජ මාධ්‍ය  ඔස්සේ ජාතීන් අතර වෛරී හැගීම් ඇති කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනාවට අත් අඩංගුවට ගත් ෆසාල් මොහොමඩ් නිසාර් නමැති ව්‍යාපාරිකයා මාස 03ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝගයක් ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.


ඒ අනුව සැකකරු බන්ධනාගාරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලෙසට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම  සැකකරු අත්අඩංගුවට ගෙන පසුගිය 13 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු අද දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබුවා.


සැකකරු විසින්   ජාතීන් අතර අසමගිය ඇති කරන ආකාරයට භික්ෂූන් වහන්සේලා ඇතුළු පාර්ශවයන් කිහිපයකට අපහාස වන ආකාරයට සිය ෆේස් බුක් ගිණුම හරහා ප්‍රචාරය කර ඇති බවට චෝදනා කරන ලැබුවා.


මෙම ප්‍රකාශය තුලින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය පනත යටතේ වරදක් සිදුකර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කර සිටියි.


මේ අතර සැකකරු අයථා ආකාරයට මුදල් උපයා ගෙන තිබේද යන්න පිළිබඳ පරීක්ෂණ සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙන ලදී.


සැකකරුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමේ දී ඒ හරහා පසුගිය කාලයේ රුපියල් ලක්ෂ 625 කට අධික මුදලක් සැකකටයුතු ලෙස සංසරණය වී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියි

No comments

Ads Place