Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාස 03 කින් පසු උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ඇරඹේ

  කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවන් මාස 03 ක පමණ කාලයක් අත්හිටුවා තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අද යළි ආරම්භ කෙරුණා. ඒ අනුව අද දින...

 


කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවන් මාස 03 ක පමණ කාලයක් අත්හිටුවා තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අද යළි ආරම්භ කෙරුණා. ඒ අනුව අද දිනයේදී කොළඹ කොටුව සිට බදුල්ල දක්වාත්, බදුල්ල සිට කොළඹ කොටුව දක්වාත් පොඩි මැණිකේ දුම්රියන් 02 ක් ධාවනයට එක්කළ බව මධ්‍යම පළාත් දුම්රිය ප‍්‍රවාහන අධිකාරි ආනන්ද කරුණාරත්න පැවසුවා.


නිරෝධායන රෙගුලාසිවලට අනුගත වෙමින් දුම්රිය ස්ථානවලින් මගීන් නංවා ගැනීමේ කටයුතු හා මගීන් බැස්සවීමේ කටයුතු සිදුකරන බවයි ඔහු පැවසුවේ. මේ මස 25 වනදා සිට උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලූම දුම්රිය ධාවනයට එක් කිරීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

No comments

Ads Place