Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දින 10 කට කලින් ට‍්‍රම්ප් එළවන්න, විශ්වාසභංගයක්

  සිව් වසරක් පුරා දැරූ අමෙරිකානු ජනාධිපතිධූරයෙන් සමුගැනීමට දින 10 ක පමණ කාලයක් පමණත් ඉතිරිව තිබියදී ඩොනල්ඞ් ට‍්‍රම්ප්, එම ධූරයෙන් පහ කෙරෙනු ...

 


සිව් වසරක් පුරා දැරූ අමෙරිකානු ජනාධිපතිධූරයෙන් සමුගැනීමට දින 10 ක පමණ කාලයක් පමණත් ඉතිරිව තිබියදී ඩොනල්ඞ් ට‍්‍රම්ප්, එම ධූරයෙන් පහ කෙරෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වනු ඇති බවටයි වාර්තා පළ වන්නේ. ඒ සම්බන්ධයෙන් කථානායක නැන්සි පෙලෝසි, අමෙරිකානු නීති සම්පාදකයින් සමග සැලසුම් සකස් කමින් සිටින බවට ද වාර්තා පළවනවා. 


ඒ අනුව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, බලයෙන් පහකිරීමේ යෝජනාවකට අමෙරිකානු නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලය ඡන්දය ප‍්‍රකාශ කරනු ඇති. එහි පළමු ඡුන්ද විමසීම අද පැවැත්වෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. සිය පාක්ෂිකයින් කුපිත කරමින් කැරලිකාරී තත්ත්වයක් ඇතිකිරීම හා මහජන උද්ඝෝෂණ සඳහා අනුබල දීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හට මේවනවිටත් චෝදනා එල්ල වී තිබෙනවා.


ඒ අනුව ජනාධිපතිවරයා ලෙස රාජ්‍ය පාලනය ගෙන යාමට අසාර්ථකවීම හමුවේ අමෙරිකානු ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ල් ධූරයෙන් නෙරපා උප ජනාධිපති මයික් පෙන්ස් හට බලය පැවරීමක් සිදුකිරීම සම්බන්ධයෙනුයි මේවනවිට අවධානය යොමුව ඇත්තේ. 


කෙසේවෙතත්, ඉකුත් දා පැවැති ජනාධිපතිවරණයෙන් ජය ලබා අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝ බයිඞ්න්, එළඹෙන 20 වනදා සිය ධූරයේ දිවුරුම් දෙනු ඇති.

No comments

Ads Place