Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාෂ්මීරයේ ක්‍රියාත්මක තුර්කි සංවිධාන ගැන ඉන්දීය ආරක්ෂක අංශවල ඇස

 ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ ක්‍රියාත්මක තුර්කිය කේන්ද්‍රස්ථානය බවට පත්කරගත් ඉස්ලාමීය සුබසාධන සහ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් ඉ...


 ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ ක්‍රියාත්මක තුර්කිය කේන්ද්‍රස්ථානය බවට පත්කරගත් ඉස්ලාමීය සුබසාධන සහ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.


ඒ අදාළ සංවිධාන ජම්මු සහ කාශ්මීරයේ ඉන්දීය විරෝධී ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සහය දක්වන බවට ලද තොරතුරැ හේතුවෙනුයි.


ඉන්දීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තිය ඉවත්කිරීම මගින් කාශ්මීරයට ලබාදී තිබූ සුවිශේෂී නෛතික වරප්‍රසාද අහෝසි කිරීමට ඉන්දීය රජය කටයුතු කළ අතර ඉන් අනතුරැව මෙම සංවිධානවල ක්‍රියාකාරකම් සීඝ්‍රලෙස ඉහළ ගොස් ඇති බව ඉන්දීය ආරක්ෂක අංශ උපුටා දක්වමින් සීනිවුස් ප්‍රවෘත්ති සේවය වාර්තා කොට තිබේ.


ආහාර සහ මුදල් බෙදාදීමේ වැඩසටහන් ඔස්සේ මෙම සංවිධාන ජම්මු සහ කාශ්මීර ප්‍රාන්ත තුළ අන්තවාදී ඉස්ලාම් ක්‍රියාකාරකම් ව්‍යාප්ත කරමින් සිටින බව ඉන්දීය ආරක්ෂක අංශ  සදහන් කර ඇත.

මෙම සංවිධාන කලාපීය සහ ලෝකයේ තවත් රටවල් ගණනාවක අන්තවාදී ක්‍රියාකාරකම් සදහා සහය පළකරන බවටද තොරතුරු හෙළිවී ඇතැයි ඉන්දීය ආරක්ෂක අංශ වැඩිදුරටත් අනාවරණය කොට තිබේ.

nethnews

No comments

Ads Place